රටපුරා දැන් ක්රියාත්මකව ඇත්තේ ප්රජාන්ත්ර විරෝධි රාජපක්ෂ සිරිසේන ජුන්ටාවට එරෙහිව එක මිටට වන පෙළගැසිමකි.
හැමනගරයක් පුරාවටම සිවිල් ක්රියාකාරිහු දේශපාලන ක්රියාකාරින් මෙසේ පෙළගැසෙමින් සිටිති.
වාරියපොල ප්රදේශයේ සිවිල් ක්රියාකාරින්ද පැවැති විශේෂ හමුවකට එක්ව තිබුනේ රටපුරා ක්රියාත්මක ඒ ප්රජාතන්ත්රවාදය රැකගැනිම සදහා වන පළල් ජනඅරගලයට සිය ක්රියාකාරි දායකත්වය සපුයනු වස්ය.
සිය කලා දිවිය කිසිලෙසකින්වත් කිසිකලකවත් පාවානොදුන් ජනතා ගායක ජයලතිලක බණ්ඩාරද මේ හමුවට එක්ව සිටියේ සිය කටහඩ මේ රැස්වන ජනයාට තවත් ශක්තියක් ගෙනඒම සදහා සම්මාදම් කිරිමටය.මෙහි රැස්ව සිටි ජනයාට අද රටතුල සිදුවන සෑබෑ තත්වය ගැන නිවරදි නිතිමය කරුණු ඉදිරිපත් කිරිම සදහා නීතිඥ ජනක එදිරිසිංහද එක්ව සිටියේය.
වාරියපොල නගරයේදි මෙම හමුව සංවිධානය කර තිබුනේ ජාතික සාම මණ්ඩලය විසිනි.