2018 වසරේ අගොස්තු මාසයේදී වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරියක් වන දුලක්ෂි චමෝදි ප්‍රනාන්දු විසින් වෙන්නප්පුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධාකිරීම සහ එම නිලධාරීන්ට අසභ්‍ය ලෙස බැනවැදීම හේතුකොට ගෙන පොලීසිය විසින් එම මන්ත්‍රීවරිය සහ ඇගේ නැගණියව අත්අඩංගුවට ගෙන මාරවිල අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. මෙම සිදුවීම එක රැයින් ලංකාවේ අස්සක් මුලුලක් නෑර ජනප්‍රිය වූ අතර මන්ත්‍රීධුරයක වගකීමක් නොදන්නා සදාචාරාත්මකව හැසිරීමට නොදන්න කාන්තාවකට නාම යෝජනා ලබාදිම විහිළුවක් බවට පත්විය. පසුගිය දා මෙම මන්ත්‍රීවරිය වන දුලක්ෂි චමෝදි ප්‍රනාන්දුට සහ ඇගේ නැගණියට මාරවිල අධිකරණය විසින් දඩුවමක් ලෙස වෙන්නප්පුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සියලූම පොලිස් නිලධාරීන්ගෙන් වැද සමාව ඉල්ලන ලෙස නියෝග කරන ලදි. සියල්ලන් දුලක්ෂි චමෝදි මන්ත්‍රීවරිය සමාව ඉල්ලා සිටින ලදී. ඊට පෙර දිනයේ හොර අරක්කු ප්‍රවාහනය කරමින් සිටි ඇගේ පියාවද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන එදිනම ඇප මත මුදා හරින ලදී.
මේ සියලු වැරදි සිදුවෙද්දී ඇයව පත්කළ පා.මන්ත්‍රි නිරෝෂන් පෙරේරා කිසිත් නොදැක්කා සේ නිහඩව සිටී. වෙන්න්පුව නගරයෙන් ප්‍රාෙද්ශීය සභාව නියෝජනය කිරීම පිණිස එක්සත් ජාතික පක්ෂයේ උගත් ,බුද්ධිමත් පිරිස් ඕනෑතරම් සිටියදී ඔවුන්ගේ අවස්ථාව කපාහැර තමන්ගේ අණසක පමණක් ක්‍රියාවට නගන පිරිසක් ප්‍රාෙද්ශිය සභාවට පත්කිරීමට පමණක් පා.මන්ත්‍රී නිරෝෂන් පෙරේරාට ඕනෑ විය. ඒවායේ ප්‍රතිපළ ලෙස දුලක්ෂි චමෝදිලා වැන්නන් වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවට තේරීපත්වී තිබේ. රටම හිනැස්සු ඇයගේ හැසරිම සම්බන්ධයෙන් මේ වනතෙක් එජාපය තුළ කිසිදු විණය පරීක්ෂණයක් සිදුකර නොමැත. කිසිවෙකුත් ඒ ගැන කතාවක් නැත. නිරෝෂන් පෙරේරා මුලින්ම මේ සම්බන්ධයෙන් පියවර ගත යුතුය.
රන්ජන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ එජාපය ‘ස්කූටර් මන්ත්‍රීවරිය ‘ට කුමක් කරයි ද?
