ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ආසන මට්ටමින් පවත්වනු ලබන පාක්ෂිකයන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් ඊයේ (02 දා ) කුලියාපිටිය ජනාධිපති ශිල්පශාලිකාවේදී පැවැත්විණි.
කුලියාපිටිය ශ්‍රී.ල.නි.ප ප්‍රධාන සංවිධායක අතුල විජේසිංහ මහතා විසින් සංවිධානය කරන ලද මෙහි ප්‍රධාන දේශකයා වූයේ හිටපු අමාත්‍ය ලලිත් දිසානායක මහතායි.
ලලිත් දිසානායක මහතාගේ කතාව ආරම්භවී ටික වේලාවකට පසුව ශාලාවේ පිටුපසින් වාඩීවී සිටි පිරිසකගෙන් දැඩි විරෝධතාවයක් එල්ලවන්නට පටන්ගත් අතර එය ටිකෙන් ටික වැඩිවන්නට විය. මහින්ද රාජපක්ෂ මහතා පිළිබදව මතක් නොකිරීම මෙම විරෝධතාවයට මුල් වූ අතර පසුව අමාත්‍යවරයාට පරුෂ වචනයෙන් බැන වදිමින් ශාලාව තුලට පැමිණි පිරිස ඔහුට ඉන් පිටවී යන ලෙස කෑගසන්නට වූහ. මෙම පිරිස විසින් සම්ම්න්ත්රණයට සහභාගි වූ අනෙකුත් පිරිසද විරෝධ්ය පළකිරීමට පොලඹවා ගැනීමට සමත් වූහ.
එහි පැමිණ සිටි වයඹ පළාත් අමාත්‍ය ගුණදාස දෙහිගම මහතාටද බැණවදින්නට වූ අතර මේ හේතුව නිසා ශාලාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. මෙම තත්වය නැවැත්වීම සදහා අතුල විජේසිංහ මහතා කොතෙකුත් උත්සාහ ගත්තද එය ව්‍යර්ථවිය. එබැවින් සම්මන්ත්‍රණය අතරමග නතරකර පැමිණි ආරාධිතයන් ආරක්ෂා සහිතව පිටතට ගෙන ඒමට සංවිධායක මඩුල්ලට සිදුවිය. ලලිත් දිසානායක මහතා සහ ගුණදාස දෙහිගම මහතා පාක්ෂිකයින්ගේ හූ හඩ මැද උත්සවයෙන් පිට වී ගිය අයුරු වීඩියෝවේ දැක්වෙයි.