මූලික වශයෙන් ගත් විට සිරිසේන මහතාගේ එම ප්‍රකාශයේ යම් ගත යුත්තක් ඇතැයි යමකුට හැඟී යා හැක. වන සතුන් හා කෘමි සතුන් ගෙන් ගොවියාට අත් වන පාඩු පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැත.අලි ඇතුන්ගේ සිට රිලා-වඳුරු,මොණර,ඉත්තෑ,දඬු ලේන් වවුල් ආදී සත්ව විශේෂ රාශියකින් වගාවන්ට හානි පැමිණේ.එහෙත් සිරිසේන මහතා නව පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරයේ දී කළ රිලා වඳුරන් ලක්ෂ එකොලහේ සහ පොල් වලු ලක්ෂ දහයේ කතාව කෙසේ වත් විද්‍යාත්මක පදනමකින් යුක්ත වූවක් නොවේ. අප රටේ හිඳින රිලා වඳුරු ගහනය පොල් මලක් පීදී එය පොල් වල්ලක් ලෙස මේරීමට ගත වන කාලය ආදී කරුණු සසඳා බලන විට සිරිසේන මහතාගේ එම ප්‍රකාශය කිසිදු වැදගැම්මකට නැති අණ්ඩර දෙමළයකි.අනෙක් කරුණ නව පාර්ලිමේන්තුවක් ඇරඹෙන මොහොතේ කතා කළ යුතු දහසකුත් දේ තිබියදී අප රටේ ජීවත් වන ශාඛ භක්ෂක රිලා වඳුරන් මැරීමට ඔහු අනියමින් කළ යෝජනාව ඔහුගේ බිඳුණු මානසිකත්වය තුළින් මතුව ආ යටි සිත තුළ පවතින කෲරත්වය එළි දැක්වීමක් බව අප යළි පවසන්නේ එනිසාය.
සිරිසේන මහතා ජනාධිපති පදවිය දැරූ සමයේ කෙතරම් අමනෝඥ ලෙස හැසිරී තිබිණි ද යත් ඔහු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කොට ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පවා තීන්දු කරන ලදී.එය ඔහුගේ මානසික බිඳ වැටීම එළි දක්වන කදිම නිදසුනකි. වගා පාළු කරන සතුන් මරා දැමීම පිණිස ගොවීන්ට අඩු මිලට වායු රයිෆල් ලබා දීමට සිරිසේන ජනපති වරයා උත්සුක වූයේ ද මේ අවදියේය.එමෙන්ම 2018 වසරේ ඉදිරිපත් කළ වල් ඌරු මස් ප්‍රවාහනයට සහ අලෙවියට එතෙක් පැවැති තහනම ඉවත් කිරීමට ඉදිරිපත් වූ කැබිනට් සංදේශය පිළිබඳව ඔහු ප්‍රකාශ කරන ලද්දේ සිනාසෙමිනි.එය හුදෙක් ජනතා අවශ්‍යතාවයක් නොව තම බිඳ වැටුණු මානසිකත්වය තුළින් මතුවන යටි සිතේ වෛරය එළි දැක්වීමක් බව එය දුටු සුළුතරයකට හෝ වැටහෙන්නට ඇත.කැබිනට් තීරණයක් මඟින් රටේ බලපවත්තා නීතියක් වෙනස් කළ නොහැක.ඒ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ගැසට් නිවේදනයක් පවා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකිය. වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පනත අනුව වල් ඌරා ආරක්ෂිත සත්වයකු නොවේ. එහෙත් වන රක්ෂිත තුළ දී වල් ඌරන් මැරීම සේම උන්ගේ මස් ප්‍රවාහනය සහ අලෙවිය ඉහත පනත අනුව සපුරාම තහනම්ය.නමුදු හුදෙක් තමන්ගේ මානසික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සිරිසේන ජනාධිපති වරයා මාධ්‍ය මගින් කළ වහසි බස් දෙඩීම නිසා වන රක්ෂිත තුළ ජීවත් වූ වල් ඌරු පවුල් දස දහස් ගණන් මරා ප්‍රසිද්ධියේ ප්‍රවාහනය කිරීමට්ත් අමු මස් සහ පිසූ මස් ලෙස ප්‍රසිද්ධියේ අලෙවි කිරීමටත් බොහෝ දෙනක් පෙළඹුණහ,එමෙන්ම එම නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විමසුම් කළ වන ජීවී නිළධාරීට එම ජාවාරම් කරුවන් කියා ඇත්තේ”ඌරො මරන්න මස් විකුණන්න ජනාධිපති තුමා ඕඩර් එකක් දීලා තියනවා.ඒක දන්නෙ නැද්ද?” යනුවෙනි.
මත් ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා සඳහා වරද කරුවන් වන්නවුන්ට මරණ දඬුවම ලබා දිය හැකි ප්‍රතිපාදන අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ තිබේ.නමුත් නවීන ලෝකයාගේ මතය අනුව මරණීය දණ්ඩනය අපරාධ නිවාරණය සම්බන්ධයෙන් සාධනීය බලපෑමක් එල්ල කරන්නක් නොවේ.එහෙත් තම නිල කාලයේ අවසන් කොටස පසු කරමින් සිටි සිරිසේන ජනාධිපති වරයා අඩුම තරමින් තම නිල කාලය තුළ එක කුඩු කාරයකු හෝ මරා දමන්නට ඇති ආසාව ගැන කී වරක් නම් තලු මරන්නට” ඇද්ද? එය ඔහුගේ බිඳ වැටුණු මානසිකත්වය තුළින් යටි සිත තුළ පැවැති ප්‍රචණ්ඩත්වය විදාරණය වූ තවත් අවස්ථාවක් බව මගේ වැටහීමය.
මිනිස් අවශ්‍යතා මත පදනම් ව ගහණය පාලනය කිරීම උදෙසා සතුන් සමූහ වශයෙන් මරා දැමීම අද වන විට යල් පැන යමින් පවතින්නක් බවත් නවීන ලෝකයේ ඒ උදෙසා වන අවිහිංසාව මත පදනම් වූ දියුණු ක්‍රම භාවිතා කරන බවත් දැන සිටියද සිරිසේන මහතා නව පාර්ලිමේන්තුවේ දී මෙම සත්ව ඝාතන කතාව ඇදගනු ඇතැයි මට සිතේ.ඒ මේ වන විට තමන් තුළ පවත්නා මානසික බිඳ වැටීම මුල් කොට ගත් යටි සිතේ වෛරය ප්‍රසිද්ධියේ එළි දැක්විය හැකි එවන් අසරණුන් පිරිසක් මිනිස් සමාජයෙන් හමු නොවන නිසාය.එමෙන්ම ඔහු මෙවන් කෲරතර අදහස් සමාජ ගත කරන විට ඔහු ද නොදැනුවත්වම සිදු වන තවත් එක් දෙයක් තිබේ.එනම් දැනට ජන වහරින් ශීඝ්‍රයෙන් දුරස් වෙමින් තිබෙන ඔහුගේ නමේ ඇති “මෛත්‍රීපාල” නම් වන කොටස ඔහුට ද කලින් සදහටම මෙලොවින් සමු ගැනීමය.

තිලක් සේනාසිංහ