පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කර පරාජයට පත් වූ අපේක්ෂකයෙකු ඇතුලු කණ්ඩායමක් විසින් පොලු මුගුරු පවා යොදාගනිමින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදෙන ආකාරය, කුලියාපිටිය තිස්ස මාවතේ පිහිටි වෙළදසැලක තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් වී තිබිණි.
කුලියාපිටිය තිස්ස මාවතේ දී පසුගිය 28 වැනිදා මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකි. අදාල සිසුවා මලියදේව විද්‍යාලයයේ ක්‍රිකට් කණ්ඩායමේ ද මුල්පෙළ සාමාජිකයෙකු බව ද වාර්තා වෙයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ පාසල් සිසුවා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලටත් මාරුකර එවා ඇති අතර මේ වනවිටත් එහිදී නේවාසික ප්‍රතිකාර ලබමින් සිටී.
අදාල පහරදීමට මුල් වූ බව කියන පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරගකළ අපේක්ෂකයෙකු ප්‍රදේශයන් පලාගොස් ඇති අතර ප්‍රහාරයට හවුල් වූ බව කියන ඔහුගේ අධාරකුරුවෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල පහරදීමේ සීසීටීවි දර්ශණ පහත දැක්වෙයි.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර