Sunday, January 19, 2025

මෙන්න මෙහෙමයි කුරුල්ලන්ට කෑම දෙන්නේ

Must read

The Birds at My Table  කෘතිය රචනා කළ ඕස්ට්‍රේලියානු විද්‍යාඥ ඩැරී ජෝන්ස්  කුරුල්ලන්ට ආහාර දීම සමග බැදුණු කාරණා ගැන කතා කරයි.
”එය බොහෝ විට වඩාත්ම සිත් ඇදගන්නා ප්‍රශ්නයක් – එය මා සිතුවාට වඩා බෙහෙවින් සංකීර්ණ ය. බොහෝ මිනිසුන් සිතන්නේ අප මිනිසුන් පරිසරයට හා එම නිසා කුරුල්ලන්ට මෙතරම් හානියක් කර ඇති බවත්, ඔවුන්ට යමක් ආපසු ලබා දීමට අවශ්‍ය බවත්ය. එය ඉතා බැරෑරුම්, ගැඹුරු ක්‍රියාකාරකමකි. තවත් සමහරුන්ට ඇත්ත වශයෙන්ම කුරුල්ලන් ගැන ඉගෙන ගැනීමට අවශ්‍ය වන අතර පෝෂණය කිරීමෙන් ඔවුන් සමීප වේ. සොබාදහම සමඟ අන්තර් ක්‍රියා කිරීමෙන් මානසික, ශාරීරික හා අධ්‍යාත්මික යහපැවැත්ම වැඩි විය හැකි මෙම සමස්ත ප්‍රදේශයටම එය මඟ පාදයි. එය එසේ නම්, කුරුළු පෝෂණය යනු ඔබට තිබිය හැකි සොබාදහම සමඟ වඩාත් සමීප, ක්ෂණික ආකාරයේ අන්තර්ක්‍රියාකාරිත්වයකි.”  / ඕස්ට්‍රේලියානු විද්‍යාඥ ඩැරී ජෝන්ස්37356d1516917a0b6cd030d5b4840770

ලෝකයේ බොහෝ රටවල ගිම්හාන කාලයට මෙන්ම වසන්ත කාලය කුරැල්ලන්ගේ චර්යා වෙනසකට ලක්වන හැටි නීරීක්ෂණය කරයි. සීත කාලයට කුරුළු දිවිය වෙනස් වන බවත් ඔවුන්  ජීවත්විය හැකි පරිසරයකට , දුර ඈත රටවලට පියාඹා යන බවත් අප පුංචි කාලයේ අසා ඇත්තෙමු. එහෙත් අප වර්තමානයේ ඇතිවී ඇති පාරසරික වෙනස්කම් නිසා විවිධ පක්ෂීන්ගේ පැවැත්ව අවධානයට ලක්වී ඇති බව නිරීක්ෂනය කරන අවස්ථා අඩුය. නමුත් හොදින් නිරීක්ෂණය කළහොත් ඔවුන්ට පරිසරය තුළ තිබූ පිළිගැනීම නැති බව ඔබට පෙනී යනු ඇත. කුරුල්ලන් වාසය කරන්නට කැමති  මල් ගස්, පළතුරු ගස් අපේ ගෙවතු වල දැන් නැතිවී යමින් තිබේ. ඒ වෙනුවට ආනයනය කළ  විවිධ ගස් මල් අපේ ගෙවත්තේ තිබේ.
කුරුල්ලන්ට දැන් සැම කලම ආහාර හිගය. විශාල පළතුරු ගස් නොමැති නිසා ඔවුන්ට ඉස්සර වාගේ පළතුරු , මල් පැණි දුලබය. ඒ නිසාම කුරුල්ලන්ට ඔවුන්ට සුදුසු ආහාර අපේ නිවසේ අපතේ යමින් තිබෙන්නට පිලිවෙන. එහෙත් ඒවා කුණු කූඩයට දමනවා වෙනුවට කුරුල්ලන් වෙනුවෙන් වෙන්කළ හැකියි.

bff35055bfcda52cc2f88597e8b9a385 49642079b0afeefba57c8a7f5cfb8362 583350a5526a4d9b557d67054037a716 10 9 1 2 4 5 430dee81b43a002e84838a90dd0049266

 

 

 

 

 

 

 

 

 

88eb5c96c9afd24abcfda695c63aaeb3 d156bfab91e3e4d5a360f6ce71aa98f7 c2b55dc109cdb53981bfa7ea07767fb7

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article