මුහුදේ පා වෙමින් තිබූ ලී යෙන් නිර්මාණය කර ලද රන් ආලේපිත බුදු පිළිම වහන්සේ නමක් තමන්ට හමු වූ බව කතෝලිකයෙකු වන තොඩුවාව පංදිචි ක්රිෂ්ටි කුමාර මහතා සදහන් කරයි.හෙතෙම වෘත්තියෙන් ධීවරයෙකි. මීට පෙරද තමන්ට මේ ආකාරයටම රන් ආලේපිත බුද්ධ ප්රතිමා වහන්සේ නමක් මුහුදේ පා වෙමින් තිබියදී හමුවූ බවද ක්රිෂ්ටි මහතා සදහන් කරයි.එම පිළිම වහන්සේ තමන් විසින් ප්රදේශයේ විහාරස්ථානයට පූජා කළ බවද හෙතෙම කියා සිටී.පසුගිය දිනක තමන්ට හමුවූ රන් ආලේපිත පිළිම වහන්සේද විහාරස්ථානයට පූජා කිරීමට තමන් අදහස් කර සිටින බවද ක්රිෂ්ටි කුමාර මහතා සදහන් කරයි. මෙම පිළිම වහන්සේ ඉන්දියාවේ සිට මුහුදේ පාවෙමින් පැමිනෙන්ට ඇති බවට විශ්වාස කරන්නේ යැයි ප්රදේශයේ ධීවරයින් සදහන් කරයි.
ජුඩ් සමන්ත.