මුස්ලිම් ජනයාට ආවේනික කොරෝනා අවදානම ගැන හිතුවාද?
1. රට තුළ කුඩා ජනපද ආකාරයෙන් ජීවත් වීම නිසා
(a). පවුලක ජනගහනය වැඩියි. කුඩා වර්ග අඩි ප්‍රමාණයක් ඇතුලේ එක වැසිකිලියක් (නිරෝධායන අපහසුතා සිතාගත හැකියි)
(b). මුස්ලිම් ජනපදය තුළ ජන ඝනත්වය ඉහළ යෑම
(c). ජනපදය තුල ආගමික හා සංස්කෘතික පීඩනය වැඩිවීම හා දොරටුපාල සිද්ධාන්තය (gatekeeping theory) ක්‍රියාත්මක වීම.
(d). විස්තෘත පවුල්වල පරම්පරා කීපයක් ජීවත්වීම නිසා පරම්පරාගත ආගමික හා සංස්කෘතික පීඩනය
2. සෞඛ්‍ය සන්නිවේදන සඳහා ඇති බාධාවන්
(a). සිංහල හා ඉංග්‍රීසි තේරුම්ගත හැකි පිරිස සුළුතරයක් වීම
(b). සැලකිය යුතු පිරිසක් පල්ලිය හරහා පමණක් තොරතුරැ සොයා යෑම
(c). අලුත් තොරතුරක් සඳහා කෙළින්ම සංවේදී නොවන ස්වරූපය වැඩිබව (weak innovation diffusion)
(d). ප්‍රධාන සෞඛ්‍යය සන්නිවේදනයේ දී ඔවුන්ට ආවේනික සංස්කෘතික සංවේදී භාවය (cultural sensitivity) ප්‍රමාණවත්ව වටහා නොගැනීම
(e). මුස්ලිම් ප්‍රජා මූලික සන්නිවේදන ක්‍රම භාවිතා නොකිරීම හෝ ක්‍රමවේද සකස් නොකිරීම.
(f). සංස්කෘතිය තුළ සන්නිවේදනය සඳහා කාන්තාවන්ට සාපේක්ෂ අඩු තත්වයක් පැවතීම. (අදටත් රෝගයක් සම්බන්ධව කාන්තාවකගේ අවශ්‍යතාවය වෛද්‍යවරයා ඉදිරියේ ප්‍රකාශ කරන්නට වැඩි වගකීමක් ඇත්තේ පිරිමියාට බව සිතීම)
3. ඇතුලත හා පිටත සංචාරණ ස්වභාවය
(a). ඉතිහාසයේ සිට වෙළදාම හා සංචරණය ඔවුන්ගේ ලක්ෂණයක් බැවින් අභ්‍යන්තර වෙළදාමේදි සංචරණය සාපේක්ෂව වැඩියි.
(b). රටින් පිට පවා වෙළඳාම සඳහා සංචරණය වීමේ ප්‍රවණතාව වැඩියි.
එමනිසා කෝවිඩ් වැළැක්වීමේ ජාතික ප්‍රතිචාරයේ දී (national response) මෙවැනි කරුණු සඳහා අවධානය යොමු කළ යුතුයි. ඕනෑම සමාජයක සංස්කෘතික හෝ ආගමික අන්තවාදයන් පවතී. එබැවින් මෙවැනි ව්‍යසන අවස්ථාවලදී අන්‍යෝන්‍ය සංවේදී භාවය අවබෝධ කරගනිමින් කටයුතු කිරීම ඉතා වැදගත් යැයි සලකමින් මේ සටහන තබමි.
වෛද්‍ය අජිත් කරවිට ( ලිංග්‍රාශ්‍රිත රෝග සම්බන්ධව විශේෂඥ වෛද්‍ය උපදේශක – අනුරාධපුර රෝහල )