කොරෝනා ආසාදනය හේතුවෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ සිරුරු ආදාහනය නොකරන ලෙස බලකරමින් පසුගිය (27) වනදා උදෑසන මඩකලපුවේ වාලච්චෙනෛයි හි මුකයිතීන් ජුම්මා පල්ලිය ඉදිරිපිට විශාල විරෝධතාවක් පැවැත්විණි.
ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට අනුකූලව මළවුන් භූමදානය කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලා රජයට බලකරමින් විරෝධතාකරුවන් භාෂා තුනකින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වන ලදී. ප්‍රදේශයේ පදිංචිකරුවන් (ජනස) ආදාහනය කිරීමට එරෙහිව සටන් පාඨ කියූහ. මෙම විරෝධතාවයට කෝරලයිපට්ටු වාලච්චේනේ ප්‍රාදේශීය සභාවේ සභාපතිනි සෝෆා ජයරන්ජිත් මහත්මිය ඇතුළු නිලධාරීන් සහ වාලච්චේනේ ඔට්ටමාවඩි ප්‍රාදේශීය සභාවේ සාමාජිකයින් ද සහභාගී වූහ.
රුද්‍රන්