Tuesday, January 28, 2025

“මුලින්ම අපේ බලධාරීන් සොයා බැලිය යුතුයි ඇයි මේ නැව් අපේ රට ආසන්නයටම ඇවිත් ගිනි ගන්නේ කියලා ” ඇතැම් විට මේක කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන් ”

Must read

 

 

May be an image of one or more people, people standing and outdoors

 

එක්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් ධීවරයා අපහසුතාවයට පත් වන්නේ මාසකය කාලයක් සදහා පමණක් නොවන බව සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එක්ස්ප්‍රස් පර්න් නෞකාව ගිනි ගැනීමෙන් අනතුරුව බටහිර මුහුදු තීරය තුළ ධීවර කර්මාන්තයේ නිරත නොවන ලෙස ධීවරයින්ට රජය විසින් දැණුම් දී ඇත.ඒ අනුව මාසයක කාලයක් සදහා ධීවරයින්ට ජීවත් වීම සදහා කිසියම් සහනයක් ලබා දීමට කටයුතු කරන බවද රජය සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.

“කොළඹ වරායට නුදුරේදී ගිනි ගෙන විනාශයට පත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා පීඩාවට පත් වන්නේ එම ප්‍රදේශ වල පදිංචි ධීවරයිනක් පමණක් නෙමෙයි. මුළු රටේම ඉන්න කරදිය ධීවරයා මෙහිදී පීඩාවට ලක් වෙනවා.ඒකට ප්‍රධානතම හේතුව වන්නේ ඉදිරි දින කීපය තුළදී ජනතාව මාළු පරිභෝජනයෙන් ඈත් වන නිසයි.

බහු දින යාත්‍රා විසින් ජාත්‍යන්තර මුහුදෙන් අල්ලා ගෙන එන මාළු වලින් 40% ක ප්‍රමාණයක් අලවි කරන්නේ දේශීය වෙළද පළ තුළ.එමෙන්ම දේශීය වෙළද පළ තුළ අළවි කරන්නේ බටහිර මුහුදෙන් අල්ලා ගන්නා මාළු පමණක්ම නෙමෙයි.රට වටේම මුහුදෙන් අල්ලා ගන්නා මාළු දේශීය වෙළද පළේ අලවි කරනවා.නමුත් පාරිභෝගිකයා දන්නේ නෑ තමන් මිළදී ගන්නා මාළු කුමන ප්‍රදේශයකින් අල්ලා ගත්ත ඒවාද කියලා.පාරිභෝගිකයා වෙළද පළේ තියන මාළු දිහාම බලලා හිතන්නේ මේ මාළු අල්ලලා තියෙන්නේ බටහිර මුහුදෙන් කියලා.ඒ නිසා පාරිභෝගිකයා මාළු පරිභෝජනයට ගන්න බියක් ඇති කර ගන්නවා.ඒක සාධාරණයි.ඒ නිසා රජයක් විධියට කළ යුතු වන්නේ ජනතාවගේ බිය තුරන් කිරීම සදහා ක්‍රමවත් වැඩ පිළිවෙක් සකස් කිරීමයි.ගිනි ගත් නෞකාවෙන් පිට වූ අප ද්‍රව්‍ය හේතුවෙන් මිය ගොස් ඇති මාළු හදුනා ගන්න පුළුවන් පහසු ක්‍රමයක් ජනතාවට කඩිනමින් හදුන්වා දිය යුතු වෙනවා. එසේ නොවන්නේ නම් මේ රටේ සමස්ථ ධීවර කර්මාන්තය කඩා වැටීම වළක්වා ගන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නෑ.”

මෙහිදී අදහස් දැක්වූ වෙන්නප්පුව – මූට්ටුව නැගෙනහිරු ධීවර සමිතියේ සභාපතිවරයා මෙසේ පැවසීය.

“මුලින්ම අපේ බලධාරීන් සොයා බැලිය යුතුයි ඇයි මේ නැව් අපේ රට ආසන්නයටම ඇවිත් ගිනි ගන්නේ කියලා.ඇතැම් විට මේක කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්.මාස කීපයක් ඇතුළත නැව් දෙකක් අපේ කලාපයේ ගිනි ගෙන විනාශ වුණා.ඒ නිසා සිද්ධ වෙච්ච හානිය මොන කරම් විශාලද?ඇයි ඒ ගැන සොයා බලන්නේ නැත්තේ. බොහොම අමාරුවෙන් ජීවත් වන මිනිස්සු ඉන්න රටක් මේක.එහෙම තියන කොට මේ වාගේ විනාශයන් වෙන්නේ කුමන හේතුවක් නිසාද කියලා සොයා බලන්න ඕනේ කියන එකයි මාගේ අදහස. එහෙම නොවුනොත් මේ වාගේ විනාශයන් ඉදිරියේදී තවත් වෙන්න පුළුවන්. ඒ සෑම කරදරයකදීම පීඩාවට පත් වන්නේ අසරණ මිනිස්සු.

දැන් මේ සැරේ නැව ගිනි ගත්ත නිසා පීඩාවට පත් වෙලා ඉන්නේ ධීවරයා විතරද? නැහැ මාළු අලවි කරලා ජීවත් වුණ කී දෙනෙක් නම් මේ සිද්ධිය නිසා අසරණ වෙනවාද?බෝට්ටු අළුත් වැඩියා කරන අය,කරවල වේලන අය මේ වාගේ වෘත්තීන් කීයක් එක ධීවරයෙක් වටා තියනවාද?ඒ හැම කෙනෙක්ම දැන් අසරණ වෙලා ඉන්න බව අපි රජයට කියන්න කැමතියි.”


 

සාකච්ඡා සටහන – ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article