Saturday, January 18, 2025

මුල් ගල් තැබීමට පුත්තලමේ පොලවක් ඉතිරි වෙයිද ?

Must read

56603212_130021704776818_5068448566221996032_n
පසුගියදා පා.මන්තීු සජික් පෙුමදාස මහතාගේ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික.කටයුුතු පිළිබඳ අමාත්‍යාංශය යටතේ සිදුකරන ලද ගම්උදාවකට මුල්ගල තැබීමක්

පුත්තලම් දිස්ත්‍රික්කය මේ වනවිට  වැලි ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවට පත්වී හමාරය.  පුත්තලම,ආණමඩුව,බංගදෙනිය,මහකුඹුක්කඩවල,හතාවත,දැදුරුඔය,ඉරණවිල,   නාත්තන්ඩිය ආදී තවත් බොහෝ ප්‍රදේශ වල නීතිවිරෝධී ලෙස වැලි කැපීම්,ප්‍රවාහනය කිරීම් ජයටම සිදුවෙමින් පවතියි. මේවා මෙසේ සිදුවෙද්දී සංවර්ධනය යනු ඉදිකිරීම් ,පාරවල් සෑදීම් පමණක්ද යන්න විමසීමට සිදුවේ.
සංවර්ධනය කිරීමට භූමියක් ඉතිරිවිය යුතුය. මේ ඉදිකිරීම් වලට ද යොදාගන්නේ බොහෝ විට ප්‍රදේශයේ සිදුකරන අනවසර වැලි ය. නමුත් මිනිසුන්ගේ පරිසරය විනාශ කරමින් තාවකාලික අවශ්‍යතා ඉටුකර පළක් නැත.නිවාස හා පාරවල් අවශ්‍යය. නමුත් සංවර්ධනය යනු පරිසර විනාශය නැවත්වීමය.
එය සංවර්ධනයේ එක් මානයකි. මේ සම්බන්ධයෙන් පුත්ලම් දිස්ත්‍රික්කයේ කිසිදු එක්සත් ජාතික පක්ෂ නායකයෙකු මේ වනතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.පුත්තලම සහ ආණමඩුව යන දිස්ත්‍රීක්ක යනු වැලි ඉල්ලම් ඇති දිස්ත්‍රීක්ක දෙකකි. මේ වනවිට මහින්ද  රාජපක්ෂගේ පාලන කාලය තුළ සිදුකෙරීගෙන ගිය වැලි හෑරීම් දැන් වර්තමාන රජය නියෝජනය කරන දේශපාලනඥයින්ගේ මැදිහත්වීමෙන් සිදුවන බව නොරසකි.
මේ සම්බන්ධයෙන් පුත්ලම් දිස්ත්‍රීක්කයේ මාධ්‍ය පවා කතා කරන්නේ ඉතාම අල්ප වශයෙනි.   සංවර්ධන කටයුතු වල මුවාවෙන් වැව් වල වැලි විකුණා ගැනීම්, පොල්  ඉඩම් වල  අනවසර වැලි කැපීම්, දැදුරු ඔයේ අනවසර වැලි ගොඩදැමීම් එළිපිටම සිදුවේ. මේවාට පුත්තලම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ දේශදේශපාලකයන් සම්බන්ධ බව ජනතාව  සෘජුව පවසති.  නිදහස් සන්ධානයේ දේශපාලකයන් වැලි ජාවාරම් කරන විට නිශ්ෂබ්දව සිටි එක්සත් ජාතික පක්ෂයේ දේශපාලකයන් දැන් තමන්ගේ වාරය තුළ හොදට හම්බකරගනිමින් සිටිති. වැලි කොන්ත්‍රාත්කරුවන් පවසන්නේ තමන්ගේ වැලි  පර්මිට් එකෙන් ප්‍රදේශයේ දේශපාලකයන්ටද ගාණක් ගෙවිය යුතු බවයි. මෙම වැලි හැරීම සිදුකරනු ලබන පුද්ගලයින් සහ දේශපාලකයින් අතර සම්බන්ධය මතුපිටට නොපෙණුනද මෙය වක්‍රවාකාරයෙන්  සිදුවේ.

එසේ නැතිනම්  මහා පරිමාණයෙන් සිදුවන  නීති විරෝධී වැලි කැපීම් නැවැත්වීමට රාජ්‍ය නිලධාරීන්ට හැකියාව තිබිය යුතුය. එය එසේ සිදුනොවේ. ප්‍රාදේශීය ලේකම්වරු මෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවල හා ගොවිජන සේවා නිලධාරීන්  නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම පිටුපස තිඛෙන්නේ බලවත් දේශපාලන හස්තයයි.
මේ වනවිට දැදුරු ඔයේ අනවසර වැලි ගොඩදැමීම් සිදුවේ. බංගදෙණියේ අක්කර ගණනක පොල් ඉඩම් වල වැලි හැරීම සිදුකරනු ලබන්නේ එම ඉඩම් හිමියන් දැනුවත්වමය.
එමෙන්ම මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉඩමක ජයටම වැලි හෑරීම සිදුකෙරමින් පවතී. මෙම ප්‍රදේශය ගොඩ මඩ දෙකෙන්ම කෘෂිකාර්මික ප්‍රදේශයක් වන අතර මෙම වැලිහැරීම පරිසරයට මහා විනාශයක් බව එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති. එමෙන්ම එම ගමේ පාරවල් පවා මෙම වැලි ප්‍රවාහනය හේතුවෙන් මහා පරිසර දූෂණයක්ද සිදුවෙමින්  ඇති අතර මෙය එම ගම්වාසින්ට  මහත් හිරිහැරයක් සිදුවන  බව තොරතුරු වාර්තා වේ.
දිස්ත්‍රික්කය නගාසිටිවීමට සංවර්ධන යෝජනා ඉදිරිපත්කරන එක්සත් ජාතික පක්ෂයේ සංවර්ධන කමිටුවේ සභාපතිවරයා මුලින්ම කළයුත්තේ මෙම නිතිවිරෝධී වැලි කැපීම් වලට තිත තැබීමය. මහා පරිමාණයෙන් වැලි කපන හාරන ස්ථාන වලට ගොස් මේ ජනතා හඩට ඇහුම්කන් දීමය. නිවාස හා පාරවල් හැදිම හොදය. මුල්ගල් තැබිමත් හොදය. නමුත් මුල් ගල් දැරීමට පුත්තලමේ පොලොවක් ඉතිරිවිය යුතුය.
viber image 2019-03-27 , 17.38.09 viber image 2019-03-27 , 17.38.08
දැදුරු ඔය තුළ සිදුවන නීති වරෝධී,පරිසර විරෝධී ක්‍රියාකාරකම්

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article