Saturday, January 18, 2025

මීපුර කර්තෘට පොලු පහර දුන් මැරයින් ලංසලා තුරුළේ නැළැවුණු හැටි මෙන්න ! (ඡායාරූප )

Must read

මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතාට මීගමුව මහ නගර සභා පරිශ්‍රය තුළදී එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු කුෂාන් ක්‍රිස්මාල් සහ සුපුන් රංග ප්‍රනාන්දු දෙදෙනා ලංසා පවුලේ සුචච, කීකරු ගෝලයින්ව සිටි අයවලුන් බව තහවුරු කෙරෙන ප්‍රබල සාක්ෂි මේ වනවිට අප වෙත ගලා එමින් පවතී.

එමෙන්ම ෆ්‍රෙඩී ගමගේ මහතාට එල්ල වූ ප්‍රහාරය සැලසුම් කළ ආකාරය සහ ප්‍රහාරය ක්‍රියාත්මක කළ ආකාරය පිළිබදව මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණය නොවූ කරුණු ගණනාවක්ද අප වෙත දැන් ලැබී තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන කුෂාන් ක්‍රිස්මාල් නැමැත්තා මීගමුව මහ නගර සභාවේ සේවකයෙකු වන අතර ඔහු ෆ්‍රෙඩී ගමගේ මහතාට පහරදීමට පැමිණ ඇත්තේ එදින උදෑසන මීගමුව මහ නගර සභාවේ සේවයට වාර්තා කිරීමෙන් පසුව බව අතිශය විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඔස්සේ තහවුරු වී තිබේ. ඒ අනුව කුෂාන් ක්‍රිස්මාල් නැමැත්තා අදාළ ප්‍රහාරය සදහා පැමිණ ඇත්තේ සිය රාජකාරී වේලාව තුළ තමන් වෙත පැවරී ඇති සියලු රාජකාරිද පැහැරහරිමිනි.

එමෙන්ම ප්‍රහාරය එල්ල කිරීම සදහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය මීගමුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් ඔවුන් වෙත ලබා දී තිබූ එකක් බවද ආරංචි මාර්ග ඔස්සේ කියැවෙයි.

මෙම ප්‍රහාරය සිදුවීමට පෙර සහ පසුව ඊට ආසන්න වේලාවන්වලදී කුෂාන් ක්‍රිස්මාල් සහ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා අතර ජංගම දුරකථන ඇමැතුම් ගණනාවක් හුවමාරු වී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග හරහා මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

විත්තිකාර කුෂාන් ක්‍රිස්මාල් සහ ලංසා පවුලේ සාමාජිකයින් අතර කෙතරම් සමීප සම්බන්ධතාවයක් පැවැතියේදැයි නිමල් ලංසා සහ දයාන් ලංසා සමග කුෂාන් ක්‍රිස්මාල් සමග පෙනී සිටින පහත ඡායාරූපවලින් මැනවින් අවබෝධ කරගත හැකිවෙයි.

ෆ්‍රෙඩී ගමගේ මහතාට මීගමුව මහ නගර සභා පරිශ්‍රය තුළදී එල්ල වූ මැර ප්‍රහාරය පිටුපස සිටින මහමොළකරුවන් ලංසාවරුන් බව කීමට පොලිසියට මීටත් වඩා තවත් සාක්ෂි අවශ්‍යද ?

lansa_1 lansa_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article