Sunday, January 19, 2025

මීගමුවේ හොරු කැළඹෙති. මගඩි හෙළි කළ මීපුරට ප්‍රහාරයක් !

Must read

අද උදෑසන පැවැති මීගමුව නගර සභාවේ මහා සභා රැස්වීම වාර්තාකිරීමට ගිය මීපුර පුවත්පතේ හා මීපුර වෙබ් අඩවියේ කතෘ, ෆ්‍රෙඩී ගමගේ මහතාට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලැබූ ඒ මහතා මේ වන විට මීගමුව රෝහලට ඇතුළත් කර සිටී.

නගර සභා රැස්වීම අවසන්වීමෙන් පසුව පසු තම මෝටර් රථය වෙත යමින් සිටි ෆ්‍රෙඩී ගමගේ මහතාට යතුරු පැදියෙන් පැමිණි දෙදෙනා විසින් පොල්ලකින් පහර දී පලා ගොස් තිබේ.

මෙම ප්‍රහාරය හේතුවෙන් ඇති අතර ෆ්‍රෙඩී ගමගේ මහතාගේ හිසට තුවාල සිදු වී ඇති නමුත් ඉන් ඔහුගේ තත්වය බරපතල නොමැති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මීගමුව නගර සභාවේ සිදු වී ඇතැයි කියන වංචා සහ දූෂණ රැසක් රටට අනාවරණය කරමින් මීපුර වෙබ් අඩවිය විසින් පසුගිය සති කිහිපය පුරාම නම් ගම් සහිතව ප්‍රවෘත්ති සහ විශේෂාංග ගණනාවක් පළ කළ අතර ඒ හේතුවෙන් මීගමුව නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මීපුර වෙබ් අඩවියට එරෙහිව පොදු සන්ධානයක් පිහිටුවාගෙන කටයුතු කරන බවක්ද දැක ගත හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස මීගමුව නාගරික මන්ත්‍රී (එජාප) ගිහාන් ප්‍රනාන්දු විසින් මීපුර වෙබ් අඩවියට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්ද කර තිබූ අතර, නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් මීපුර අමතා කිහිප අවස්ථාවකදීම තර්ජනය කිරීම්ද සිදු කර තිබිණි.

මීපුර වෙබ් අඩවියේ කතෘ ෆ්‍රෙඩී ගමගේ මහතා අද උදෑසන ප්‍රහාරයට ලක්වන්නේ මීපුර වෙත නිල සහ නොනිල වශයෙන් එවැනි තර්ජන ගණනාවක් එල්ල වී තිබූ පසුබිමකය.

මහජන මුදල් කාබාසිනියා කළ මීගමුවේ හොරුන් දැන් දැන් උත්සහ කරන්නේ පොලු මුගුරුවලින් තලා හෝ එම හොර මගඩි ජනතාව වෙත හෙළිවිම වැළැක්වීමට නම් අපිට කියන්නට ඇත්තේ පොලු මුගුරු ලොරියක්ම රැස්කරගන්නා ලෙසටය. මන්ද මීපුර විසින් මෙතෙක් හුදෙකලාව ගෙන ගිය සටන අඛණ්ඩවම කරගෙනයාම සදහා මේ මොහොත වන විට මෙරට ක්‍රියාත්මක තවත් වෙබ් අඩවි සහ මාධ්‍යෙව්දී හිතවතුන් ගණනාවක් එකතු වී අවසන් බැවිනි.

පසුගිය සමයේදී ඝාතනය කෙරුණු සහ අතුරුදහන් මාධ්‍යෙව්දින්ගේ ජීවිත වෙනුවෙන් යුක්තිය ඉටුකරවාගැනීම මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට රැකවරණයක් සලසනු පිණිස ෆ්‍රෙඩී ගමගේ මහතා විසින් විශාල කාර්ය භාරයක් ඉටු කරමින් සිටි අතර අතුරුදන්ව සිටින මාධ්‍යෙව්දී සුබ්‍රනියම් රාමචන්ද්‍රන්ගේ යාපනය, කරවෙඩ්ඩි පිහිටි නිවසේදී ඔහුගේ පියා මුණගැසුණු අවස්ථාව පහත ඡායාරූපයෙන් දැක්වෙයි.

fredy

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article