Saturday, January 18, 2025

මිනිස් ක්‍රියාකාරකම් නිසා අලි ඇත්තු 4194ක් මරුට

Must read

( 8.45 am ) ආසන්න අවුරුදු 14ක කාලයේ දී අලි ඇතුන් 4194 දෙනකුට ආසන්න පිරිසකට මිනිස් ක්‍රියාකාරකම් ඇතුළු විවිධාකාර හේතු මත ජීවිතක්ෂයට පත්ව ඇති බව වනඅලි පර්යේෂක සමීර වීරතුංග මහතා පවසයි.

2023 වර්ෂයේ පමණක් අලි ඇතුන් 470දෙනකුට ආසන්න පිරිසකට නිල වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් සහ ඉතාම සුළු ලෙඩ රෝග හේතුවෙන් මරණයට පත්ව ඇති බවත් පෙන්වා දෙන ඒ මහතා සඳහන් කළේ, වැඩි වශයෙන් අලි ඇතුන් ඝාතනයට ලක්ව ඇත්තේ අනවසර විදුලි රැහැන් ඇදීම, හක්කපටස් කැවීම සහ වෙඩි තැබීමෙන් බවය.

2024 වර්ෂයේ මේ වනවිට වනඅලින් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත්, මෙම මරණ ඍජු මිනිස් ක්‍රියාකාරකම් මත සිදුව තිබෙන බවත්, ජාතික වනඋද්‍යානය තුළ සතුන්ට නිසි ආහාර රටාවක් නොමැති වීම හේතුවෙන් එම සතුන් තම නිජබිම අවට සංචාරය කිරීම සාමාන්‍ය දෙයක් බවත් ඒ මහතා සඳහන් කළේය.

යාල වනඋද්‍යානයේ සිටි ‘සැන්ඩෝ‘ ‘අර්ජුන‘ යන හස්තීන්ට මේ වන තෙක්, සිදු වූයේ කුමක්ද යන්න කවුරුත් නොදන්නා බවත් අප සංස්කෘතික වශයෙන් කොයිතරම් අලිත් සමග රැඳී සිටියත්, ආර්ථික ප්‍රතිලාභ ලැබුවත්, නිරන්තරයෙන් අලි ඇතුන් ඝාතනය කිරීම සිදු වන බවත් පෙන්වා දෙන සමීර වීරතුංග මහතා මේ සඳහා පිළිතුරු තිබෙන බව ද සඳහන් කළේය.

2020 වර්ෂයේදී වනඅලි කළමනාකරණය සඳහා සැකසූ ජාතික ප්‍රතිපත්තිය අද වන තුරුත් ක්‍රියාත්මක නොවන බවත්, ඒවා හමස් පෙට්ටියට දමා බලධාරීන් ඔහේ බලා සිටින බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මිහින්තලේ රංග චතූ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article