Sunday, January 19, 2025

‘‘ මැතිවරණය වෙලාවේ හොද නැතිවුණ ගෝඨා , දැන් සජිත්ට හොදයිලු‘‘ – නාමල් රාජපක්ෂ

Must read

namal-rajapakshaපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 09 වැනිදා පෙරවරුවේ වෙන්නප්පුවේ පැවති  පොදුජන එක්සත් පෙරමුණේ රැස්වීමකට සහභාගී වූ අතර එහිදී ඔහු විසින්   ඉදිරි මැතිවරණය පිලිබදව අදහස් දක්වන ලදී.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්නේ සන්ධාන ගතවද තනිවද යන්න පක්ෂයේ   සාමාජිකයින්ගේ අදහස් මත ක්‍රියාත්මක වන්නක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
”අද මේ ආසනයේ බලමන්ඩලය විදිහට ඔබ ව පුද්ගලිකව මුණගැහිලා ගෝටාභය රාජපක්ෂ ජනාදිපතිතුමාත් , මහින්ද රාජපක්ෂ අගමැිතුමත් ,බැසිල් රාජපක්ෂ මැතිතුමත් වෙනුවෙන් ඔබ තමුන්නාන්සේලා පසුගිය වසර  කිපය තුළ කළ කැපවිම පිලිබදව අගය කිරීමටත් ස්තූති කිරීමටත් මෙය අවස්ථාවක් කොට ගන්නවා. තවදුරටත් කතා කළ මන්ත්‍රීවරයා පැවසූවේ එක්සත් ජාතික පක්ෂය තමන්ගේ පක්ෂයේ අර්බුදය විසදානොගෙන ජනතාව කෙටවීමේ දේශපාලනයක නිරත වන බරනිල්ගෙය් සජිත්ගෙයි වෙනසක් නැ. දෙන්නම ඡන්ද වලට බයයි. සජිත් ප්‍රේමදාස කියනවා අපි දැන් ගෝටාභය මහත්තයා එක්ක වැඩකරන්න ලෑස්තියිලු. හැබැයි මැතිවරණ වෙලාවේ මොකක්ද කිව්වේ  මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හොද කියලා ගොටා්භය මහත්තයට පලුයන්ඩ  බැන්නා. ඇමරිකන්කාරයෙක් කිව්වා, ඒකාධිපතියෙක් කිව්වා. මිලිටරිකරනය කරනවා කිව්වා. වැඩ බැ කිව්වා. එහෙම කියපු අයට  දැන් මහින්ද හොද නෑ ගෝටා හොදයි. දැන් සජිත් ප්‍රේමදාස කියනවා  මගෙයි ගෝටාභය මහත්තයාගෙයි අදහස් ගැලපෙනවාලු. අපි දෙන්න දැන් ලෑස්තියිලු එකට වැඩ කරන්ඩ. ගෝටාභය මහත්තයයි මමයි අදින්නේ එක විදිහටලු.  මම දැනන් හිටියේ නෑනේ අපේ බාප්පා රෑට රෑට ගිහින් ගෙවල්වල බෝතත්ම් ඔබනවා කියලා. ගෝටාභය මහත්තයා එක්ක ආන්ඩු හදන්ඩ බෑ ඒ අය අවංකවම ඒ ගැන දන්නවා.”

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article