Saturday, January 18, 2025

මා ඔයේ නීතිවිරෝධී වැලිගොඩදැමීම් ගැන පොලිසිය නිහඩ ඇයි ?

Must read

sandmineපන්නල මැතිවරණ කොට්ඨාශයට අයත් හිඹුඩාව ප‍්‍රදේශය ආශ‍්‍රිතව මහා පරිමාණයෙන් සිදුකෙරෙන මා ඔයෙන් නීතිවිරෝධී ලෙස වැලිගොඩ දැමීම සහ වැලි ගබඩාකිරීම වැළැක්වීමට පොලිසිය විසින් ගෙන ඇති ක‍්‍රියාමාර්ග මොනවාදැයි වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පළාත් සභාවට කැදවා ප‍්‍රශ්න කරන්නැයි පළාත් සභා මන්ත‍්‍රී චන්දන යාපා මහතා වයඹ ප‍්‍රධාන අමාත්‍යවරයාගෙන් සහ පළාත් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මන්ත‍්‍රීවරයා මෙම ඉල්ලීම කළේ පෙරේදා (06 දා ) පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීම් අවස්ථාවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ චන්දන යාපා මහතා මෙසේද කීය.

”වයඹ පළාත තුළ ක‍්‍රියාත්මක වෙන්නේ 1990 අංක 12 දරණ වයඹ පරිසර ප‍්‍රඥප්තියයි. ඒ අනුව ජාතික පරිසර පනත වයඹ පළාත තුළ අක‍්‍රියවෙලා තියෙනවා. ඒ නිසා පරිසරයට යම් ප‍්‍රශ්නයක් ඇතිවුනොත් ඒ පිළිබද වගකීමක් වයඹ පළාත් සභාවට වගේම වයඹ පළාත් පරිසර අධිකාරියටත් පැවැරෙනවා. මේ හිඹුඩාව කියන ප‍්‍රදේශයේදී මා ඔයේ ඉවුරු අයිනේ තියෙන උණපදුරු බැකෝ යන්ත‍්‍රවලින් ගලවලා විසිකරලා, විශාල වැලි කැණීමක් කරනවා. මේ නිසා මා ඔයේ ගමන් මාර්ගය පවා වෙනස්වීමේ අවදානමක් මේ වෙනකොට මතුවෙලා තියෙනවා. මෙච්චර විනාශයක් වෙද්දිත් පොලිසිය මේ පිළිබදව කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව නිශ්ශබ්ද වෙලා ඉන්නවා. 2013 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දීලා තියෙන නියෝගයකට අනුව මා ඔයේ ඉවුරේ ඉදන් මීටර් සීයක් ඇතුළත ප‍්‍රදේශය ආරක්ෂණ කලාපයක් විදිහට නම් කරලා තියෙනවා. මෙච්චර නීති හැදිලා තියෙද්දීත් ඒ කිසිදු නීතියක් ගැන තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැති පුද්ගලයෝ කීපදෙනෙක් එකතුවෙලා විශාල බැකෝ යන්ත‍්‍ර යොදාගෙන මාඔයේ ඉවුරට කරන හානිය අතිවිශාලයි. මේ විදිහට නීතිවිරෝධී කැණීම් කරලා ලබාගත්තු වැලි කියුබ් දෙදහා තුන්දාහ කිසිම ගබඩාකිරීමේ බලපත‍්‍රයක් නැතිව මේ හිඹුඩාව කියන ගමේ වැලි කදු වශයෙන් ගොඩගහලා තියෙනවා. ඒ නිසා වයඹ නියෝජ්‍ය පොලිස්පතිතුමාව මේ පළාත් සභාවට ගෙනල්ලා මේ අපරාධය පිළිබදව පොලිසිය ගන්න ක‍්‍රියාමාර්ගය මොකක්ද කියලා විමසන්න කියලා මම ප‍්‍රධාන අමාත්‍යතුමාගෙන් සහ සභාපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.” යැයි පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article