මාවතගම, සතිපොල පාරේ පිහිටි කඩ පෙළක ඊයේ (04 දා) රාත්රියේ හටගත් හදිසි ගින්නකින් ගිනිකෙළි භාණ්ඩ අලෙවිසලක් ඇතුලු වෙළදසැල් දෙකක් සහ වාහන තුනක් ගිනිගෙන විනාශයට පත් විය.
රතිඤ්ඤා අලෙවිසැලක හටගත් ගින්න යාබදව පිහිටි හෝටලයකටද පැතිර ගොස් ඇති බව පොලිසිය කියයි.
ගින්නට හසුවීමෙන් මාර්ගයේ නවතා තිබූ ත්රිරෝද රථ දෙකක් සහ යතුරුපැදියක්ද සම්පූර්ණයෙන්ම දැවී ගොස් තිබිණි.