මූදුකටුව සුමනධම්ම මහා විද්‍යාලය භූමියේ තිබූ වසර 40 වඩා පැරණි ගස් ඇතුලුව මහා ගස් 23ක් නිසි අවසරයකින් තොරව බිම හෙලා ඇති අතර මේ සම්බන්ධයෙන් දෙමව්පියන් සහ ප්‍රදේශවාසීන් විසින් චෝදනා කරනවා. මෙම ගස් කපාදැමීම සිදුකර ඇත්තේ විදුහලේ විදුහල්පතිවරයාගේ මැදිහත්වීමෙන් බව වාර්තා වේ. මේ සමබන්ධයෙන් සොයා බැලිමට අද පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඳ චිත්‍රාල් ප්‍රනාන්දු ඇතුලු පිරිසක් පාසලට පැමිණ විදුහල්පතිවරයා සමඟ සාකච්ඡාවක් සිදුකර ඇත.
මෙම පරිසර විරෝධී ක්‍රියාවට විරුද්ධව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් විරෝධතාවයක නිරත වන ලදී. මේ සමබන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද වාර්තා වේ.