මාරවිල – කුරුස පල්ලිය ආසන්නයේ මුහුදේ ගිලීමෙන් පාසල් සිසුවෙකු මිය ගොස් ඇත. මිය ගොස් ඇත්තේ මාරවිල – වෙරළ පාර පදිංචිව සිටි චමෝද් සුජීව (අවු:15) නම්වූ පාසල් සිසුවෙකි. පසුගිය 26 වැනිදා සවස 6.00 ට පමණ මෙම අනතුර සිදුවී තිබේ. මුහුදේ ගිලී ඇති පාසල් සිසුවාව අවට සිටි පිරිස් විසින් බේරා ගෙන මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු මිය ගොස් ඇත.පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.
මීට සති දෙකකට පෙරද මාරවිල – කුරුස පල්ලිය ආසන්නයේ මුහුදේ ගිලීමෙන් පුද්ගලයෙකු මිය ගියේය.මෙම ස්ථානයේ ඇති අනතුරු දායක තත්ත්වය හේතුවෙන් මුහුදේ දිය නෑමෙන් වළකින ලෙස පුවරුද සවි කර ඇත.