
(01.22pm) ඊයේ (12) උදේ මුලතිව් මාන්කුලම් රෝහල් භූමියෙන් මිනිස් අස්ථි කොටස් කීපයක් හමුවී තිබේ. මෙම හේතුවෙන් එම ස්ථානයේ කැනීම් සිදු කරන ලෙස මුලතිව් මහේස්ත‍්‍රාත් එස් ලෙනින්කුමාර් මහතා විසින් ඊයේ පොලීසියට නියෝග කර තිබේ.මාන්කුලම් රෝහල් භූමියෙන් මෙම අස්ථී කොටස් හමුවී ඇත්තේ රෝහලේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කැනීම් සිදුකළ අවස්ථාවේදීය. එම ස්ථානයේ යකඩ මතුවීමත් සමග බෝම්බ ඇති බවට සැක පළ වීම හේතුවෙන් කැනීම් සිදුකර ඇති බව උතුරු නැගෙනහිර මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායමක් රෝහල් භූමියට කැඳවා සිදු කළ පරීක්ෂණයක දී එම ස්ථානයෙන් මිනිස් අස්ථි කොටස් කීපයක් හමුවි ඇත. පසුව ඒ පිළිබඳව මාන්කුලම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ අස්ථි කොටස් නිරීක්ෂණය කර වාර්තාව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මිනිස් අස්ථි කොටස් හා භූමිය පරීක්ෂා කිරීම සඳහා මහේස්ත‍්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ තිබේ.
ඒ අනුව මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝග මත පොලීසිය එම ස්ථානය ආරක්ෂිත ස්ථානයක් බවට පත් කර එහි කැනීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය මුලික පියවර ගෙන ඇති බව වාර්තා වේ.