Saturday, January 18, 2025

මානව හිමිකම් කඩවූ මුස්ලිම් ව්‍යාපාරිකයන් වෙන්ප්පුව ප්‍රා.සභාපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට

Must read

(5.14pm) වෙන්නප්පුව ප්‍රා.සභාපතිවරයා විසින්  susanthaපාස්කු ප්‍රහාරයෙන් පසු වෙන්නප්පුව නගරයේ  මුස්ලිම් ව්‍යාපාරිකයින්ට  සිය ව්‍යාපාර වලින් ඉවත් වෙන ලෙස  දැනුම් දුන් අතර ඔවුන්ගේ ව්‍යාපාර කටුයුතු නැවත්වීමට  කටයුතු කරන ලදී. ඉන්  නොනවතුන ප්‍රාදේශීය සභාපතිවරයා දංකොටුව වෙළද පොළට මුස්ලිම් වෙළෙඳුන්ගේ පැමිණීමෙන් නගරයේ සාමයට අනතුරක් වේ යැයි පවසා මුස්ලිම් වෙළෙඳුන් පොළට පැමිණිම නවත්වන ලෙස ලිඛිත ඉල්ලීමක් දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලදී. මෙම කාරණය සම්බන්ධයෙන් දංකොටුව ස්ථානාධිපතිවරයා අධිකරණයේ පිහිට පැතූ අතර  අධිකරණය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් වෙළෙදුන්ට පොළට පැමිණිමට අවසර දෙන ලදී. මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් මුස්ලිම් ව්‍යාපාරිකයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතද කරුණු ගොනුකර ඇති බව මේ වනවිට වාර්තා වේ. මෙහිදී  පැමිණිලිකරුවන් විසින් වගඋත්තරකුරුවන් කර ඇත්තේ ප්‍රා. සභාපති වික්ටර් සුසන්තර් පෙරේරා සහ වෙන්නප්පුව ප්‍රා.සභාවයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article