Saturday, November 23, 2024

මාදම්පේ වැලි කැපීමට එරෙහිව මාරාන්තික උපවාසයක්

Must read

sudu 7මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන හයක ජිවත් වන මිනිසුන්ගේ ජිවිත වලට විවිධ බලපෑම් කරමින් සිදු කෙරෙන වැලි කැණිම් ජාවාරමක් නවතා දෙන ලෙස බලධාරින්ගේ අවධානය යොමු කරමින් එම ප්‍රදේශවාසින් විසින් ආරම්භ කළ සත්‍යය ක්‍රියාව අද ( 26 දා ) සිට මාරාන්තික උපවාසයක් බවට පත් කරමින් දස දෙනෙකු ඊට එක්වි ඇත. මාදම්පේ සුදුවැල්ලේ ශ්‍රී සයවයර්ධනාරාම විහාරස්ථානයේ විහාරවාසි මැදවච්චියේ සුමේධ ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ එම විහාරස්ථානය ඉදිරිපිට සැකසු අට්ටාලයක් මත මෙම උපවාසය ක්‍රියාත්මක වේ මෙහිදි විස්තර අනාවරණය කළ සුමේධ ස්වාමින් වහන්සේ මෙසේ පැවැසිය . මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුගුනුවටවන මැල්ලවාගාර හේනේ පොල පොතුවිල ඇතුළු ග්‍රාම නිලධාරි වසම් හයක පෞද්ගලික පොල් වතු මිළ දි ගන්නා සංවිධානාත්වක කණ්ඩායමක් ගත වු වසර 20 ක පමණ කාලයක සිය රාජ්‍ය අවසරය ලබා ගෙන කොන්දේසි යටතේ වැලි කපා වෙනත් ප්‍රදේශයන් වෙත එම වැලි ගෙන යනු ලබන්නාහ. සිලිකා වැලි වන මෙම වැලි වටිනා ඛණිජමය වස්තුවක් වන අතර මෙම වැලි ඉවත් කිරිමට කොන්දේසි පනවා ඇතත් එම ඉවත් කරණ ක්‍රමවේදය අධික්ෂණය පිණිස කිසිදු පියවරක් යොදා නැත. මේ නිසා බලත්‍රධාරින් හිතුවක්කාර ලෙසින් පරිසර විනාශයක් ඇති කරමින් විශාල වශයෙන් පොල් ගස් ඉවත් කරමින් මෙම වැලි ඉවත් කරති.මේ නිසා මේ වන විට මෙතෙක් මෙහි ජීවත් වන ජනතාව පරිභෝජනයට ගත් භුගත ජනය මිනිස් පරිභෝජනයට නුසුදුසු වි ඇත.මේ නිසා ජන.තාව පානිය ජල ගැටළුවකට ද මුහුණ දි ඇත. මෙම කැණිම් කරණ ඉඩම් වටා ඇති සෙසු ඉඩම් වල භෝග වගාව මේ වන විට විනාශ වන තත්ත්වයකට පත්ව ඇත.කාක්කපල්ලිය ජල යෝජනා ක්‍රමයේ ජලය පවා මේ වන විට මෙහි බලපෑමට ගොදුරු වි ඇති බව පෙනේ. මාදම්පේ පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශි සභාව වයඹ පරිසර අධිකාරිය භු විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය ඇතුළු ආයතන වලට අපි අපේ දුක කියා සිටියත් ඒ අය කියන්නේ මෙම වැලි කැණිම් සදහා බලපත්‍ර ලබා ඇති නිසා ඔවුන්ට නිත්‍යාණුකුලව පියවර ගත නොහැකි බවයි. මෙම වැලි ප්‍රවාහනයට යොදා ගන්නා ටිපර් රථවල ගමන නිසා මේ වන විට ප්‍රදේශයේ මං මාවත්වල තත්ත්වය දුර්වල වි ඇත. අපේ විරෝථාව ගැන බලන්න කිසිම කෙනෙකු ආවේ නැහැ. ඒ නිසා අපි මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළා. යයි ද කිහ. මාරාන්තික උපවාසය ක්‍රියාත්මක වන ස්ථානය අසල වෙනත් ප්‍රදේශවාසින් පිරිසක් සහය පල කරමින් රැදි සිටිම ද විශේෂ වේ.
ssudu2' sudu 5 sudu 8 sudu 3 sudu 5(1) ssudu 3

ඡායාරෑප – ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article