Saturday, September 21, 2024

මාදම්පේ මාරාන්තික බස් අනතුරෙන් 3 දෙනෙකු මිය යයි

Must read


මාදම්පේ  ඉරට්ටකුලම  ප්‍රදේශයේදී ඊයේ(04)දා උදේ සිදුවූ මාරක බස් ලොරි අනතුරින් මියගිය සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් ඇති බව මාදම්පේ පොලිසිය පවසයි.

මෙම අනතුරින් ළංගම බස් රථයේ රියදුරු තරින්ද චන්දික අනුර බණ්ඩාර යන අය ඊයේ(04) සවස මීගමුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට  ඇතුළත් කර සිටි අයෙක් ඊයේ රාත්‍රියේ ද හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද (5) අලුයම මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග මාර්ග වලින් වාර්තා වෙයි. 

මෙසේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත්තේ පහළ කොට්රාමුල්ල බදුවත්ත ප්‍රදේශයේ පදිංචි එච්.පී.සුරංග ප්‍රියන්ත නමැති  දෙදරු පියෙකි.

අනතුරට පත් ළඟම බස් රථයේ ගමන් කරමින් සිටි පම්බල කාක්කපල්ලියේ පදිංචි චන්ද්‍රා විජේරත්න නමැති හැත්තෑ හැවරිදි කාන්තාවක්ද මෙම අනතුරින් බරපතල තුවාල ලබා අසාධ්‍යව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(05) අලුයම මියගොස් ඇත.

මෙම අනතුරින් තුවාල ලැබූ බස් රථයේ සිටි මගීන් 26 දෙනෙකු ප්‍රතිකාර සඳහා හලාවත දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඉන් රෝගීන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වෙයි. 

බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් අතරින් එම රෝහලේම සේවය කරන වෛද්‍යවරියක්ද ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

උපුටා ගැනීම – ලංකාදීප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article