Saturday, September 21, 2024

මාදම්පෙට ආපු  අලි දැන් බිංගිරියේ..?

Must read

පසුගියදා  මාදම්පේ පණිරෙන්ඩාව රක්ෂිත වනාන්තරයට වන අලි රංචුවක් පැමිණ ඇති බවට වාර්තා වුනි. ඇතුන් දෙදෙනෙකු ඇතුළුව හත් දෙනෙකුගෙන් යුත් අලි රංචුවක් මෙලෙස පුත්තලම තබ්බෝව රක්ෂිත වනාන්තරයේ සිට මාදම්පේ පණිරෙන්ඩාව  රක්ෂිත වනාන්තරයට පැමිණ ඇති බවට එහිදී වැඩිදුරටත් වාර්තා වුණි. මෙහිදී වඩාත් අවදානම්කාරී තත්ත්වයකට පත්වූයේ මාදම්පේ සහ දුම්මලසූරිය මෙන්ම විලත්තව වැනි ප්‍රදේශ අවට වෙසෙන ජනතාවයි.

                       මේ අනුව පුත්තලම වනජීවී කාර්යාලයට අනුයුක්ත වනජීවී නිලධාරින් පිරිසක් විසින් මේ දිනවල මෙම වන අලි රංචුව ආපසු තබ්බෝව රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කරන බවද වාර්තා වුණි. මේ පිළිබඳව පුත්තලම වනජීවි කාරයාලයේ නිලධාරියකු අප වෙත සඳහන් කළේ  මේ වන විට පණිරෙන්ඩාව රක්ෂිතයේ සිට බිංගිරිය ප්‍රදේශය වෙත මේ වන අලි රංචුව පලවා හැරිය බවයි.එමෙන්ම මේ වන විට  බිංගිරිය ප්‍රදේශයේ පෞද්ගලික පොල් වත්තක මෙම වන අලි රංචුව ගැවසෙන බවද එම වනජීවී නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. මෙතැන් පටන් මෙම වන අලි  රංචුව තබ්බෝව රක්ෂිතයට පලවා හැරීම සඳහා නිකවැරටිය වනජීවි කාරයාලයට අනුයුක්ත සිටින වනජීවී නිලධාරීන්  කණ්ඩායමක් සිදු  කරන බවත්, ඒ සඳහා ඔවුන් මේ වනවිට ක්‍රියාත්මක ඇති බවද අප වෙත අදහස් දැක්වූ පුත්තලම කාර්යාලයේ වනජීවී නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

           එලෙසම මෙම වන අලි රංචුව විසින් වැඩිපුරම කෙසෙල් ගස් සහ පොල් පැළ වලට හානි සිදු කර ඇති බවද වාර්තා වුනි. එහෙත් මෙම වන අලි රංචුව නිසා ජීවිත හානියක් හෝ දේපළ  හානියක්   මෙතෙක් සිදුව ඇති බවට වාර්තා වී නොමැත. 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article