මාකදුරේ මදුෂ්ගේ ප්රධානතම වෙඩික්කරුවෙකුගේ නිවසින් යුද හමුදා නිල ඇදුම් තොගයක් හා ටී 56 වර්ගයේ ජීව පතොරම් 21 ක් ඇතුළු යුද උපකරණ රැසක් සොයාගැනීමට ඊයේ (25) සිදුකල විමර්ෂණ වලදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හැකිවිය.
එම නිවස හිමි සැකකරුගේ පියාද පොලීසිය සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.
යුධහමුදාවේ හිටපු ලාන්ස් කෝප්රල්වරයෙකු ලෙස සැකලෙන හා මධුෂ්ගේ සමීපතමයෙකු වන මෙම සැකකරුගේ නිවසේ තිබී කෝටි 700 මැණික් මංකොල්ලයට උපයෝගී කරගත් බවට සැලකෙන අත් විලංගුවක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.
ඡායාරූප – ලංකාදීප