පසුගිය දිනවල ඇද හැලුණ මහ වැසි නිසා අස්වැන්න සදහා සූදානම් වෙමින් තිබූ ලුණු මහා පරිමාණයෙන් දියවී ගොස් ඇති බව ලුනු කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයන් පවසති. මෙම අලාභය ලුණු ටොන් 750ක් පමණ බව ලංකාදිප පුවත්පත වාරතාකර තිබේ. වෙන කවරාදටත් වඩා මෙවර අධික වර්ෂාව හේතුවෙන් ලුණු සේදී ගිය එම කර්මාන්තයේ යෙදෙනෙ පිරිස් පවසයි. මාස 06 පමණ කාලයකට ලුණු කර්මාන්තයේ යෙදෙන පුත්තලම කලපුව ආශ්‍රිතව ජීවත්වන ලුනු වගාකරුවන් වාරකන් කාලයේ මාස 06ක් පමණ ලුණු කර්මාන්තයේ නියැලෙති.