ඇදහැලෙමින් පවතින වර්ෂාව හේතුවෙන් කැඩීයාමට ලක් වූ පඩුවස්නුවර මැතිවරණ කොට්ඨාශයේ බණ්ඩාරකොස්වත්ත මහවැවේ ඡායාරූප කිහිපයක් පහත දැක්වෙයි.
වැවෙන් ජලය මුදාහැරෙන සොරොව්ව අාසන්නයේ ඇති වී තිබූ ජල කාන්දුවක් ටිකෙන් ටික වර්ධනයවීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග සොරොව්ව අසලින් කන්ද කඩාගෙන ගොස් ඇති බව බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශවාසීහු කියති.
මහවැවේ පිරී තිබූ ජලය පිටතට ගලායාම හේතුවෙන් ඒ අවට ප්රදේශවලටද සුලු ගංවතුර තත්වයක්ඇද ති වී තිබිණි.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද හානියට පත්වූ මහවැව දැකබලා ගැනීම සදහා අද දහවල් එහි පැමිණ සිටියේය.
ඡායාරූප
ක්‍රීඩා අමාත්‍ය මාධ්‍ය ඒකකයෙනි.