මහ මැතිවරණය වෙනුවෙන් කුරුණෑගල දිස්ත්රික්කයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් කිහිපදෙනෙකු විසින් ඔවුන්ගේ මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් පාවිච්චි කළ සිටින සුවිශේෂී ආකාරයේ වාහන කිහිපයක් පහත දැක්වෙයි.
වයඹ ටුඩේ වෙත ඇසගැටුණු මෙම වාහන සුවිශේෂී වාහන ලෙස අප නම් කරනු ලබන්නේ එම වාහනවල ඇති මිල අධික බව, දුර්ලභ බව සහ ඒවාට එකතු කර ඇති නව නිර්මාණයන් පිළිබදව සලකා බලා පමණක් බව කරුණාවෙන් සලකන්න.
ජේ. සී. අලවතුවල මහතා සිය මැතිවරණ කටයුතු සදහා යොදාගත් රුපියල් කෝටි පහකට අධික වටිනාකමක් සහිත හැමර් රථය
ජගත් යාපා මහතා විසින් මැතිවරණ කටයුතු සදහා යොදාගත්රුපියල් කෝටි පහකට අධික වටිනාකමක් සහිත ඇමරිකන් කැඩිලක් රථය. ලංකාවට ඇත්තේ මෙම වර්ගයේ වාහන දෙකක් බවත් මේ ඉන් එකක් බවත් කියැවේ.
ගාමිණී ජයවික්රම පෙරේරා මහතා විසින් මැතිවරණ කටයුතු සදහා යොදාගත් රෝසා වර්ගයේ බස් රථය . මෙහි පිටත අලංකාර එල් ඊ ඩී විදුලි රටා පද්ධතියක් නිර්මාණය කර ඇති අතර බස් රථයේ පෙනුම වඩාත් ආකර්ශණීය වන්නේ රාත්රී කාලයේදීය.
අශෝක් අබේසිංහ මහතා විසින් මැතිවරණ කටයුතු සදහා යොදාගත් රෝසා වර්ගයේ බස් රථය .මෙම බස් රථය පොලිසිය විසින් එක් අවස්ථාවකදී අත්අඩංගුවටද ගනු ලැබීය.
ජොන්ස්ටන් ප්රනාන්දු මහතා විසින් මැතිවරණ කටයුතු සදහා යොදාගත් බස් රථය සහ වෑන් රථය.