මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අලවි කිරීම සදහා ග්‍රාම නිලධාරීවරුන්ට ලබා දී තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය තොගයක් විනාශ කර දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 13 වැනිදා දහවල් කටයුතු කරන ලදි.
මෙසේ විනාශ කරන ලද අහාර ද්‍රව්‍ය අතර,බී ළූණු,අර්තාපල්,හාල් මැස්සන්,සීනි සහ මුං ඇටද විය.බී ළූණු සහ අර්තාපල් කුණු වී තිබූ අතර,හාල් මැස්සන් තුළ පනුවන්ද සිටින බවක් දක්නට ලැබුණි. මුං ඇට තුළද විවිධ කෘමී සතුන් සිටින අකාරයක්ද,සීනි අප ද්‍රව්‍ය සමග තිබූ බවක්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිරීක්ෂණය කරන ලදි.
අර්තාපල්,බී ළූණු,සීනි,මුං ඇට,හාල් මැස්සන් සහ මිරිස් කුඩු ඇතුළත් පාර්සලයක් රුපියල් 1000 ක මුදලකට අලවි කිරීම සදහා මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් තම කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන්ට බාර දී ඇත. මෙම පාර්සලයක් රුපියල් 1000 කට මිළ කර තිබුනත් එහි ඇති ආහාර ද්‍රව්‍ය වල සිල්ලර මිළ රුපියල් 750 ක් පමණ වන බව එම ප්‍රදේශයේ ජනතාව සදහන් කරති.ඇතැම් පිරිස් ආහාර සොයා ගැනීමට නොහැකි නිසා ආහාර පාර්සල මිළදී ගෙන ඇති නමුත් ඉතිරි පාර්සල් පරීක්ෂා කිරීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර සොයා ගැනීමට හැකිවී ඇත.
මේ සම්බන්ධයෙන් මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිළි කිරීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ පරීක්ෂණ කටයුතු සිදු කර මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කර දැමීමට කටයුතු කරන ලදි.
මේ සම්බන්ධයෙන් අප මහවැව ප්‍රාදේශීය ලේකම් නදීජා හේරත් මහත්මියගෙන් විමසා සිටියෙමු.”මෙම ආහාර ද්‍රව්‍ය මිළදී ගැනීම සිදු කරන ලද්දේ උඩුබද්දාව විවිධ සේවා සමුපාකාරයෙන්.එම පාර්සල් අතරින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර පාර්සල් 200 ක් පමණ ආපසු හරවා යැවීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.එසේ ආපසු හරවා යැවීමට නොහැකි වූ පාර්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තම බාරයට ගෙන ඇති බව දැන ගැනීමට තිබෙනවා.මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කිරීම සදහා ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණයන් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා”යැයි පැවසීය.
ජුඩ් සමන්ත.