අද පෙරවරුවේදී වෙන්නප්පුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් වෙන්නප්පුව නගරයේ පිහිටි හෝටල් සහ ආහාර අළෙවිකරන ස්ථාන වල පරීක්ෂාවක් සිදුකරන ලදී. කල් ඉකුත් වූ ආහාර තබාගැනීම මෙන්ම පළතුරු වැනි දෑ නැවත නිශ්පාදනය සදහා යොදාගැනීම පිළිබදව මෙහිදී ඔවුන්ගේ අවධානයට ලක්විය. මෙම පරීක්ෂාව සදහා මහජන සෞක්‍ය පරීක්ෂක හර්ෂ මල්ලව, බුද්ධීක, රෝහාන් යන නිලධාරීන් මෙන්ම වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ජල හා සනීපාරක්ෂක නිලධාරී අත්තනායක මහතා සහභාගී වූහ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෙන්නප්පුවේ වෙළදසැල් පරීක්ෂාවක
