Saturday, January 18, 2025

මහජන බැංකුව ඇතුළේ කුඩු බිස්නස් කළ 63 හැවිරිදි ආච්විට විසි පන්දහසක් දඩ.

Must read

heroin_ 63_year_old_lady

කුරුණෑගල පිහිටි මහජන බැංකු ශාඛාවක් තුළදී ගැණුම්කරුවෙකුට මත්කුඩු අලෙවි කරමින් සිටියදී කුරුණෑගල මූලස්ථාන පොලිසියේ විස මත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වයස අවුරුදු 63 කාන්තාවකට රුපියල් 25000 ක දඩයක් නියම කළ කුරුණෑගල අතිරේක මහේස්ත‍්‍රාත් නාමල් පෙරේරා මහතා විත්තිකාර කාන්තාවට මාස 06 ක සිරදඩුවමක්ද නියම කර එය වසර 10 ක කාලයකට අත්හිටවනු ලැබීය.

මෙලෙස දඩ සහ අත්හිටවූ සිරදඩුවම් නියම කෙරුණේ කුරුණෑගල, එලුගල ප‍්‍රදේශයේ පදිංචි මනතුංගෙදර බිසෝමැණිකා නැමැති කාන්තාවකටය.

කුරුණෑගල, දඹුල්ල පාරේ පිහිටි මහජන බැංකු පරිශ‍්‍රය තුළදී පුද්ගලයෙකු වෙත මත්කුඩු මිලිග‍්‍රෑම් 60 ක් අලෙවි කරමින් සිටි මෙම කාන්තාව පසුගිය 17 වැනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඇය සන්තකයේ තිබූ තවත් මත්කුඩු මිලිග‍්‍රෑම් 340 ක්ද පොලිසිය විසින් පසුව කළ පරීක්ෂාවන්වලදී සොයාගෙන තිබිණි. දුරකථනය ඔස්සේ ගැණුම්කරුවන් සම්බන්ධ කරගැනීමෙන් පසුව ඔවුන් ජනාකීර්ණ ස්ථානයකට ගෙන්වාගෙන එම ස්ථානවලදී ගණුදෙණුව සිදුකිරීමට මෙම කාන්තාව විසින් කටයුතු කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. විත්තිකාර කාන්තාව මත්කුඩු ජාවාරම සම්න්ධයෙන් මීට පෙර අවස්ථා ගණනාවකදීම අධිකරණයෙන් දඩුවම් ලබා ඇති අයෙකු බවත්, ඇගේ ඥාතී පිරිසක්ද මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවත් පොලිසිය කියයි.

සැකකාර කාන්තාව පිළිබදව කළ දීර්ඝ විමර්ශණයකින් අනතුරුව කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ උපදෙස් මත, විස මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉලංගසිංහ මහතාගේ මෙහෙයවීමෙන් , පොලිස් සැරයන් දේශප‍්‍රිය (31159), පොලිස් කොස්තාපල් උදයකුමාර (31838) , කීර්ති (36757), ප‍්‍රදීප් (50324) , චන්ද්‍රරත්න (58141) , නවරත්න (30202) සහ කාන්තා පොලිස් කොස්තාපල් ජීවනී (3262) යන නිලධාරිහු සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත්හ.

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති  ඉහත දැක්වෙන වියපත් කාන්තාවගේ ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න .)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article