මව සහ මිත්තණිය එක්ව ඝාතනය කළ සැක කෙරෙන බිළිෙදකුගේ මළ සිරුරක් පොල්පිතිගම, මාඑළිය, දාහතේයාය ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා තිබියදී පොලිසිය විසින් අද (23 දා) සොයා ගනු ලැබීය.
මාස කිහිපයක් තිස්සේ ගර්භනී තත්වයෙන් මෙම නිවසෙහි වාසය කළ ලාබාල තරුණියකගේ ශාරීරික වෙනසක් මෑතකදී සිදුවී ඇති නමුත් එම නිවසින් බිළිෙ`දකු පිළිබද හෝඩුවාවක් නොවීම නිසා පිළිබද සැකපහළ කළ ප්‍රදේශවාසීන් විසින් පොලිස් හදිසි ඇමැතුම් අංකවලට අමතා ඒ බව දැනුම් දී තිබේ. ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ පොල්පිතිගම පොලිසියේ නිලධාරීන් විසින් බිළි`දාගේ මව සහ මිත්තණිය අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්නකිරීම්වලදී අදාළ බිළි`දු මළ සිරුර වළ දමා තිබූ ස්ථානය සොයා ගනු ලැබූහ.
මීට දින කිහිපයකට ඉහතදී ප්‍රසූත කිරීමෙන් අනතුරුව , මියගිය යන්නට හෝ ඝාතනය කරන්නට ඇතැයි සැලකෙන මෙම බිළි`දාගේ මළ සිරුර නිවස පිටුපස ඇති පිදුරු ගොඩක් ආසන්නයේ මව සහ මිත්තණිය එක්ව වළලා දමන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
බිළි`දු මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින මව 18 හැවිරිදි වියේ පසු වන නීත්‍යානුකූලව විවාහ නොවූ තැනැත්තියක වන අතර අතර ඕ තුන් හැවිරිදි වියෙහි පසුවන තවත් දියණියකගේ මවකද වෙයි.
අද පස්වරුවේ මෙම බිලිදා වළ දමා සිටි ස්ථානයට පැමිණි මහව වැඩබලන මහේස්ත්‍රාත් සිරිපාල හපුආරච්චි මහතා ඉදිරිපිටදී, කුරුණෑගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතාගේ මෙහෙයවීමෙන් බිළි`දු සිරුර ගොඩගනු ලැබූ අතර එම සිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යනු ලැබීය.
ඡායාරූප