දීග තල යන වයසේ තරුණ දියණියන් සිටින මවක් වුවද ඒ බව නොතකා මදනවිසේ ඉහට ගසා ගත් අම්මණ්ඩියක විසින් නැටූ නාඩගම් ලෝකය හමුවේ නිරාවරණය වීම නිසා සමාජයට මුහුණ දී ගත නොහැකිව ජීවිතයෙන් පළා ගිය තරුණ ජීවිතයක් පිළිබදව මහත් කණගාටුවෙන් යුතුව වාර්තා කරන්නට අපට සිදු වී තිබේ.
ගුරුවරියක් වශයෙන් සේවය කරන තම මව එම පාසලේ විදුහල්පතිවරයා සමග පවත්වාගෙන ගිය අනියම් සබදතාවක් හෙළි වීම නිසා ලැජ්ජාවට පත් අවුරුදු 18 ක පාසල් ශිෂ්‍යාවක් ඊයේ (06 දා) වස පානය කර සිය දිවි හානිකරගෙන තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ පසුගිය අගෝස්තු මාසයේ පැවැති උසස්පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වූ කුඹුක්කඩවල, මොරගොල්ලාගම ප්‍රදේශයේ සිසුවියකි.
මියගිය දැරියගේ මව කුඹුක්කඩවල පාසලේ ප්‍රාථමික අංශ ගුරුවරියක් වශයෙන් සේවය කරන අතර එම විද්‍යාලයේම විදුහල්පතිවරයා සමග පවත්වාගෙන ගිය බව කියන අනියම් සම්බන්ධයක් පසුගිය දිනෙක ගුරුවරියගේ සැමියාගේ අතටම හසු වීම නිසා පවුල තුළ හටගත් අඩදබර හේතුවෙන් ලැජ්ජාවට පත් මෙම සිසුවිය සිය දිවි හානිකරගෙන ඇති බව කියැවෙයි.
දිගු කලෙක පටන් පවත්වාගෙන ආ බව කියන මෙම අනියම් සම්බන්ධය කුඹුක්කඩවල විද්‍යාලයේ දෙමාපියන්ගේද දෝෂ දර්ශණයට ලක් වී ඇති අතර, අදාල ගුරුවරිය හා විදුහල්පතිවරයා පාසල් වේලාවෙන් පසුව කාර්යාලය තුළට වී අනග රැගුම්පාමින් සිටිනු පාසලේ සිසුවියක විසින් දැකීමත් සමග එය ප්‍රසිද්ධ රහසක් බවට පත් වී තිබේ. කෙසේ වෙතත් මේ විෂමාචාර හැසිරීම පදනම් කරගනිමින් මහව කලාප අධ්‍යාපන කාර්යාලය විසින් කළ පරීක්ෂණයකදී වැරදිකරුවන් බවට තීන්දු කෙරී ඇති මෙම නාකි පෙම්වතුන් යුවළ වෙනත් පාසල් දෙකක් වෙත මාරුකර යැවීමේ ලිපි මීට දින කිහිපයකට පෙර කලාප කාර්යාලයෙන් පාසල වෙත එවා තිබේ.
අදාළ ලිපි රැගෙනවිත් ඇත්තේ කුඹුක්කඩවල ගමෙහි වාසය කරන මහව කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන අයෙකු විසිනි. ගුරුවරිය සම්බන්ධ කරගැනීමට නොහැකිවීම නිසා අදාළ පුද්ගලයා විසින් ගුරුවරියගේ සැමියා වෙත මාරුවීම් ලිපිය භාර දී ඇති අතර එම ලිපියේ සදහන් වී තිබූ කරුණු කියවා බැලූ ගුරුවරියගේ සැමියා සහ ගුරුවරිය අතර ගැටුමක් ආරම්භ වී තිබේ.
සිය පවුල තුළ තිබූ සාමකාමී බව ගිලිහීයාම සහ ලැජ්ජාව ඉවසාගත නොහැකි වූ සිසුවිය විසින් මෙලෙස වස පානය කර සිය දිවි නසාගන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
ගල්ගමුව අරෝෂණ මාන්නප්පෙරුම