Saturday, January 18, 2025

මවක් සහ බිළිදෙකු මිය යාම ගැන හලාවත රෝහලට චෝදනා??

Must read

IMG-4262cd80b985f7224f98355226401abf-V
ආණමඩුව පල්ලම ප්‍රදේයේ 34 හැවිරිදි ගර්භනී කාන්තාවක් සහ ඇගේ කුළුදුල් දරුවා  හලාවත රෝහලේ වරදින් මිය යාමේ පුවතක් එම ප්‍රදේශයෙන් වාර්තා වේ. පසුගිය 28 වැනි දින  පෙරවරුවේ චාන්දනී මහත්මිය පපුවේ දැවිල්ල, කැරකිල්ල  වැනි රෝග කීපයක් සඳහා ප්‍රතිකාර ගැනීමට හලාවත මහා රෝහලට පැමිණ ඇති අතර ඒ වනවිටත්  ඇය සිය දරු ප්‍රසූතියට සූදානමින් සිටි ඇත.
ඇයව පරික්ෂා කල හලාවත මහා රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා ඇයව නිසි පරික්ෂාවකට භාජනය නොකල බව ඇගේ ඥාතීන් චෝදනා කරන බව මාධ්‍ය වාර්තා කළේය. ඇගේ සැමියා වන දිමුතු නුවන් හේරත් මහතා කියා සිටියේ, තම බිරිදගේ හා දරුවාගේ මරණයට හලාවත මහා රෝහල වගකිවයුතු බවයි.
බඩ දැවිල්ල නිසා රෝහලට ඇතුළත් කළ සිය බිරිදගේ රුධිර පීඩනය වෛද්‍යවරයා විසින් පරීක්ෂා නොකළ බවත් ගැස්ට්‍රයිටීස්  ඇති බවට නිගමනය කරමින් රෝගියාට ඛෙහෙත් කර ඇති බව ඇයගේ සැමියා මාධ්‍යට ප්‍රකාශ කර තිඛේ.

”නමුත් ගෙදර ආවමත් වමනේ ගිය නිසා නැවත පල්ලම ඩිස්පැන්සරියට එක්කන් ගියා .එතන වෛද්‍යවරයා ගිය ගමන් පෙෂර් බලල පෙෂර් 190 ට නැගල කියලා වහාම හලාවත ගෙනියන්න කියලා තියනවා.ඒ ගෙනියද්දීත් වෙන්න ඕනෑ දේවල් වෙලා ඉවරයි. නමුත් දරුවා ගත්තා දරුවා හිටියේ පැයකටත් අඩු කාලයක්.නෝනා කොළඹ ගෙනිච්චා. කොළඹ තියන් හිටියේ පැය කීපයක් පමණයි. නැවත හලාවතට එව්වා 29 වෙනිදා.කොහොම හරි නෝනා දවස් හතරක් ජිවත් වුනා. ඒ මැෂින්වලින්. නමුත් තුන්වෙනිදා එයා අන්තිම හුස්ම හෙලුවා.මගේ නෝනා යේ එන්නේ නැහැ . නමුත් මම කියන්නේ ආයේ මේ වගේ දේවල් නොවෙන්න කටයුතු කරන්න ඕනෑ කියලයි.” (මියගිය කාන්තාවගේ සැමියා) උපුටා ගැනීම >>https://siyathanews.lk/archives/67660

PSX_20191205_120732

පසුගිය කාලයේ මාරවිල රෝහලට ද  මෙවැනි චෝදනා කීපයක් මාධ්‍ය මෙන්ම රෝගීන්ගෙන් එල්ල විය. උදරයේ  සැත්කමට ගිය කාන්තාවකගේ අතක් කැපීමක් සම්බන්ධයෙන් 2019 අගෝස්තු මාසයේදී  රැස පුවත්පත වාර්තා කරන ලදී. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්  සිදුකරන බවටද මාරවිල රෝහලෙන් වාර්තා විය. ⁣නමුත් ඉන් එහාට මෙම සිදුවීම පිළිබඳව මාධ්‍ය වාර්තා ⁣නොකළ අතර වෛද්‍යමය නොසැලකිල්ල යන කාරණාව සම්බන්ධයෙන් රෝහල් පද්ධතියේ ඇති භයානක වෘත්තිමය අඩුපාඩුව නිවරදි වූවාද යන්න සමාජයට දැනුවත්වූයේ නැත.

දැන් දෙසැම්බර් 03 වනාදා මියගොස් ඇති කාන්තාවගේ සැමියා පවසන්නේ ද මගේ බිරිද ආයේ එන්නේ නැ,නමුත් මේ වැරැද්ද වෙන කාටවත් සිදුවීමට ඉඩ නොතබන ලෙසයි.

මෙහිදී හලාවත මූලික රෝහලේ වෛද්‍යවරයෙකුට චෝදනාව එල්ල වන අතර මේ සම්බන්ධයෙන් නිවරදි පරීක්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්  සිදුකළ යුතුය. නමුත් ලංකාවේ මේ වනතෙක් කිසිම රෝහලක වෙද්‍යමය නොසැලකිල්ල මත රෝගීන්ට.සිදුවූ  අවසනාවන්ත සිදුවීම් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකදී සෞඛ්‍ය අමාත්‍යාංශය කිසි දිනක  ⁣එම වෛද්‍යවරයාව හෝ එම රෝහලේ කිසිදු වගකිවයුත්තෙකු වරදකරුවෙකු කර දඩුවමක් ලබාදුන් බවක් දැනගන්නට නොමැත. පරීක්ෂණ වලට සිදුවන්නේ කුමක් ද කියා හෝ දැනගැනීමට ජනතාව ඉදිරියට එවැනි තොරතුරු ලැබෙන ක්‍රමයක් නොමැත.

ඒ සඳහා බලපෑම් කිරීමට ⁣ශක්තිමත් රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරයක්ද නොමැත. ලංකාවේ පුරවැසියන් බොහෝ අවස්ථා වල මෙවැනි තත්වයකදී නඩු මගට යාම ධෛර්යයක් නොපෙන්වයි. ගියත් එය ඉතාම සුළු පිරිසකි..මෙවැනි තත්ත්වයක් තුළ රෝහල් තුළ සිදුවන වෛද්‍යමය නොසැලකිල්ල  නිසා ජීවිත අහිමිවීම වැලැක්වීමය රජය අවංකව උත්සාහා දරනවා නම් එම වැරැද්ද සෙවීමේ නිවරදි යාන්ත්‍රණයක් සකස්කර ඒවෙනුවෙන් නීතිමය දඩුවම් දිය යුතුය. අනෙත් පැත්තෙන් රෝගීන් චෝදනා වලින් එහාට ගොස් වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙම වැරද්ද නිවරදිවීමට දිගින් දිගටම අභියෝග කළ යුතුය.

මෙවැනි අවසානාවන්ත සිදුවීම් උලුප්පා පෙන්වන මාධ්‍යට ද මෙහි වගකීමක් ඇත. මෙවැනි සිදුවීම් වලින් පසු මෙම පරීක්ෂණ වලට සිදුවන්නේ කුමක්ද යන්න ගැන මාධ්‍යයෙන් හෙළිදරව් කෙරෙන්නේ නැත. එබැවින් ⁣ජනතාවගේ අවබෝධය මෙන්ම උනන්දුව ද තවත් සිදුවීමක් තෙක් කල්යයි.

ඉහත සිදුවීම  සම්බන්ධයෙන් හලාවත රෝහල් පාලනාධිකාරිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ..

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article