Saturday, January 18, 2025

මරණයෙන් මුදවාගෙන හදාගන්න දුන් එළ ගවයෙකු යළිත් මසටම විකුණලා !

Must read

cow_1කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහි සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ගේ ධන පරිත්‍යාගයෙන් මරණයෙන් මුදවා ගනු ලැබූ එළ ගවයෙකු, හදාගැනීමට බව කියමින් භාරගත් එම කාර්යාලයේම සේවය කරන සුඵ සේවා පාලකවරයෙකු විසින් ඊට මාස කිහිපයකට පසුව යළිත් එම මස් කඩයටම විකුණා ඇති බව කියන කණගාටුදායක පුවතක් පිළිබදව දිනමිණට වාර්තා වෙයි.

පසුගිය ඇසළ පොහොය නිමිත්තෙන් පින්කමක් සිදුකිරීමේ චේතනාවෙන් යුතුව කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් විසින් රුපියල් තිස් හය දහසක මුදලක් එකතු කරගෙන තිබේ. ඉකුත් ඇසළ පොහොය දිනයේදී අදාළ මුදලද රැගෙන විල්ගොඩ පිහිටි ගව ඝාතකාරය වෙත ගිය එම නිලධාරීන් විසින් එදින මස් පිණිස ඝාතනය කිරීමට නියමිතව සිටි එළ ගවයෙකු මුදල් ගෙවා මරණයෙන් නිදහස් කරගෙන තිබේ. එම එළ ගවයා ඇති දැඩි කිරීම සදහා තමන්ට ලබාදෙන ලෙස කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහිම සේවයේ නියුතු සුඵ සේවා පාලකවරයෙකු විසින් ඉල්ලා සිටීම නිසා නිලධාරීන් විසින් ගවයා ඔහු වෙත භාර දී තිබේ.

ඉන් මාස කිහිපයකට පසුව එළ ගවයා පිළිබදව විමසිලිමත් වූ කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ට එම ගවයා ඒ වන විට අදාළ සුඵ සේවා පාලකවරයා භාරයේ නැති බව සැළ වී ඇති අතර ඒ පිළිබදව වැඩිදුර කළ සොයාබැලීම්වලදී ගවයා භාරදීමෙන් මාස කිහිපයකට පසුව අදාළ සුඵ සේවා පාලකවරයා විසින් මස් පිණිස එම ගව ඝාතකාගාරයටම ගවයා යළි විකුණා ඇති බව අනාවරණය වී තිබේ.

අදාළ සුඵ සේවා පාලකවරයා මේ වන විට සේවයෙන් විශ‍්‍රාම ගෙන සිටීමත්, ගවයා භාරගත් බවට කිසිදු ලියැවිල්ලක් නිලධාරීන් විසින් ලබාගෙන නොතිබීම නිසාත් ඔහුට එරෙහිව නීතිමය පියවරක් ගත නොහැකි වී සිටින කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීහු ගවයාට වූ විපත පිළිබදව කම්පාවට පත් වී සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article