Saturday, January 18, 2025

” මම සජිත්ගේ ලණුවක් ගිල්ලා. ” දයාසිරි පා‍පොච්චාරණයක !

Must read

– මම ආපහු එක්සත්  ජාතික පක්ෂයට යන්නේ නෑ.
– මම ආපහු යූඇන්පියට යනවා කියලා කතා හදන්නේ මහින්දගෙන් ගොඩයන්න හදන කිහිපදෙනෙක්.
– මහින්දට හොරා, වංචාකාරයා, එතනෝල්කාරයා කියලා අහන්න සිද්ද වුනෙත් මේ අය හින්දයි.

දයාසිරි කියන මේ අය කවුද ?

සජිත් ප්‍රේමදාස මහතා විසින් දුන් ලණුවක් ගිලගෙන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස්කිරීමට තමන් විසින් උත්සාහ කළ බවත්, ඒ බව තේරුණේ පසු කලෙක බවත් කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක දයාසිරි ජයසේකර පැවසීය.

ඒ මහතා මෙසේ කීවේ පසුගියදා නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදස් දැක් වූ ඒ මහතා මෙසේද කීය.

ඔයගොල්ලෝ අහල ඇති නේද අපලෙන් බේරෙන්න විශ්ණු දෙවියොත් අලියෙකුගේ වේශයක් මවාගෙන කැලෑවට වෙලා බටකොල කෑවා කියලා.ඒත් අවසානේ වෙලා තියෙන්නේ ඒ අපලය නිසා දිව්‍ය සැප විදින්න තිබුනු විශ්ණු දෙවියොත් කැලෑවට වෙලා බට කොල කකා ඉන්න එක. අන්න ඒ වගේ දෙයක් තමයි මටත් වුනේ. මොකක්දෝ තිබුණු දරුණු අපල කාලයක් ගෙවන්න මට එක්සත් ජාතික පක්ෂය තෝරාගන්න වුනා. මම අවුරුදු 13 ක්ම එක්සත් ජාතික පක්ෂයේ ඉදන් අසාධාරණකම්,දුක් ගැහැට වින්දා. මම කිසි දවසක සැනසීමෙන් හිටියේ නෑ. සජිත් මහත්තයාගේ ලණුව ගිලලා නායකත්වය වෙනස් කරන්න ඔට්ටු වුනා. මට පස්සෙයි තේරුනේ මම තැනකට එයි කියලා බයේ සජිත් මහත්තයා මාව නායකත්වය එක්ක නයාට අදුකොල වගේ කෙරෙව්වා. රනිල් වික්‍රමසිංහ ඒකාධිපති වියරුවෙන් මාව එක එක චෝදනාවලට ලක් කරලා විනය පරීක්ෂන තියන්න ගත්තා.

මට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙතුන් සැරයක් ආරාධනා කලා ඔවුන් සමග එක්වෙන්න කියලා.ඒත් මම කැමතිවුනේ නෑ. අවස්ථාව එනකල් ඉදලා පාර්ලිමේන්තුවේදී දීර්ඝ දේශපාලන පැහැදිලි කිරීමක් කරලා එක්සත් ජාතික පක්ෂයෙනුත්, මගේ මන්ත්‍රීධූරයෙනුත් ඉල්ලා අස්වෙලා නිකම්ම නිකම් මනුස්සයෙක් විදියට තමයි මම එදා පාර්ලිමේන්තුවෙන් එලියට බැස්සේ. එතකොට මම එක්සත් ජාතික පක්ෂයට ණය නෑ.එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දය පාවා දුන්නෙත් නෑ. පස්සේ මම මහින්ද මහත්තයා ළගට ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වයඹ පළාත් සභා මැතිවරණේ අපේක්ෂකකම ඉල්ලා ගත්තා. මොකද මම නැවත ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ කැමැත්තෙන් පත්වුන මන්ත්‍රීවරයෙක් විදියට වැඩ කරන්න අවශ්‍ය බව මට වැටහුන නිසා.

මම ලේ වලින් අත්සන් කරලා ගොන් පාට් දාන්නේ නෑ. මේ දයාසිරි ජයසේකර කවදාවත් ආයේ එක්සත් ජාතික පක්ෂයට යන්නේ නෑ.පරාජය පෙනි පෙනී බංකොලොත් දේශපාලඥයන් කියන කතා වලට අපි කවදාවත් සැලුනේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාට හොරා,වංචා කාරයා, එතනෝල් කාරයා කියලා කතා අහන්න සිද්ද වුනෙත් මේ අය හින්දා. දැන් තනියම නැගිටින්න බැරි, මහින්ද සමග නැගිටින්න හදන දේශපාලඥයින් කිහිප දෙනෙක් තමා මේ මම එක්සත් ජාතික පක්ෂයට යනවා කියලා බොරු ප්‍රචාර,මඩ ප්‍රචාර ගෙන යන්නේ. අපි හැමෝම කම්පා වෙනවා මේ වගේ දේශපාලඥයෝ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඉන්න එක ගැන. මම ඒ ගැන කතා කරන්නේ නෑ. එහෙම උනොත් උඩ බලාගෙන කෙල ගැහුවා වගේ වැඩක් වෙන්නේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article