මන්නාරම රදගුරු නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා ගොස් සිටි තවත් තිදෙනකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඔවුන් මාරවිල, කටුනේරිය, ආරච්චිකට්ටුව සහ මුන්දලම පදිංචිකරුවන් බව අනාවරණය වී ඇති බව අරුණ පුවත්පතේ ජුඩ් සමන්ත විසින් පළකර තිබුන පුවතක සඳහන්ය
මන්නාරම රදගුරු නිවසේ ඉදිකිරීම් කළ වෙන්නප්පුව, ලුණුවිල පදිංචි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වීමත් සමග එහි 35 දෙනකුට පසුගියදා පීසීආර් පරීක්ෂණ සිදු කෙරුණි. එයින් 4 දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. ඔවුන් මන්නාරම, පෙරියකාඩු, නාත්තන්ඩිය, දුන්කන්නාව, වෙන්නප්පුව, ලුණුවිල සහ මාරවිල, කටුනේරිය ප්රදේශයේ පදිංචිකරුවන් බවද එම පුවතින් වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
මේ අනුව පෙනි යන්නේ වෙන්නප්පුව ,කටුනේරිය,ලුණුවිල,නාත්තන්ඩිය ,දුන්කන්නාව යන ප්රදේශවලද කොරෝනා බිය ගැන ජනතාව වැඩිඅවධානයක් යොමුකළ යුතුව ඇති බවය