Friday, November 22, 2024

මන්ත‍්‍රී කමල් ඉන්දික අඵත් පරපුරෙන් සමාව ගනී ?

Must read

kaml indikaඅඵත් පරපුර කලාකරුවන් පිරිසකට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් කැදවා සමාව අයැද සිටීමේ කොන්දේසිය මත අදාළ නඩුව සමථයකට පත්කර ගැනීමට එම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වන අඵත් පරපුර කලාකරුවන් විසින් ‍ඊයේ ( 13 දා ) කැමැත්ත පළකළහ.

කලාකරුවන් අදාළ විසින් මෙලෙස එකගත්වය පළකළේ , පසුගිය ජනාධිපතිවරණ සමයේදී ‘මුලාවෙන් මිදෙමු’ යන මැයෙන් කුඹුක්ගැටේ නගරයේදී ප‍්‍රසංගයක් පවත්වමින් සිටි අඵත් පරපුර කලාකරුවන් පිරිසකට පහරදුන් බවට වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික මහතා ඇතුඵ පිරිසකට එරෙහිව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව ඊයේ යළි කැද වූ අවස්ථාවේදීය.

එහිදී විත්තිකාර පළාත් සභා මන්ත‍්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විසින් කොන්දේසි මත අදාළ නඩුව සමථයකට පත්කරගැනීමට සූදානම්දැයි අගතියට පත් පාර්ශ්වයෙන් විමසා සිටියේය.

එහිදී අගතියට පත් කලාකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුසන්ත දොඩාවත්ත මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය හුදෙක් කලාකරුවන්ට පමණක් එල්ල කෙරුණු ප‍්‍රහාරයක් ලෙස නොසලකන බවත්, මෙය සමස්ත සමාජයටම එල්ල කෙරුණු ප‍්‍රහාරයක් ලෙසට සලකන බවත් පැවසීය. එබැවින් ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවක් කැදවා අඵත් පරපුර කලාකරුවන්ගෙන්, මෙරට සමස්ත කලාකරුවන්ගෙන් සහ ජනතාවගෙන් සිදුකරන සමාව අයැදීමක් පිළිබදව සලකාබැලීමට පැමිණිලිකාර අඵත් පරපුර කලාකරුවන් එකගත්වය පළකරන බවද නීතිඥවරයා එහිදී පැවසීය.කෙසේ වෙතත් අදාළ සමාව අයැදීම සිදුවිය යුත්තේ අ‍ඵත් පරපුර විසින් සංවිධානය කරනු ලබන මාධ්‍ය හමුවකදී බවද නීතිඥ සුසන්ත දොඩාවත්ත වැඩිදුරටත් පැවසීය.

මෙහිදී දෙපාර්ශ්වය ඇමැතූ කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගීතානි විජේසිංහ මහත්මිය විසින් එවැනි සමාව අයැදීමක් සිදුකරන්නේ නම් එය මීළග නඩු දිනයට පෙර සිදුකරන ලෙසට නියෝග කළ අතර ඒ පිළිබදව මීළග නඩු දිනයේ අධිකරණය වෙත වාර්තාකරන්නැයි වැඩිදුරටත් නියම කළාය.

මේ පිළිබද නඩුව නොවැම්බර් මස 19 වැනිදා යළි කැදවීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article