පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතා ගමන් කරමින් තිබූ රථය කුරුණෑගල, යන්තම්පලාව හන්දියේදී උඩුකුරුව පෙරළී ගොස් තවත් රථයක ද ගැටීමෙන් සිදු වූ අනතුරක් පිළිබදව ඊයේ දිනයේදී බොහෝ මාධ්‍ය ඔස්සේ රූප රාමු සහිතව වාර්තා කළ නමුත් අදාළ රූප රාමුවල දැකගත හැකි වූයේ අදාල ජීප් රථය උඩුකුරුව තිබූ ආකාරයක් නොව සාමාන්‍ය තත්වයට පත් කිරීමෙන් පසුව ලබා ගත් දර්ශණයන්ය.
අදාල අනතුර සිදු වී විනාඩි කිහිපයකින් පසුව එම ජීප් රථය පෙර පැවැති තත්වයට පත්කර තිබීම ඊට හේතු විය.
කෙසේ වෙතත් අදාල අනතුර සිදු වූ අවස්ථාවේදී එම ස්ථානයේ සිටි අප වෙබ් අඩවියේ පාඨකයෙකු විසින් අදාල ජීප් රථය උඩුකුරුව තිබු අයුරු ඡායාරූප ගත කර අප වෙත එවා තිබේ.
පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.