මත්පෙති, මත්කුඩු, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය රටට ගෙන්වන, අලෙවිකරන සහ ළග තබාගෙන හසුවන සෑම අයෙකුටම මරණීය දණ්ඩනය නියමකිරීම පිළිබදව අවධානය යොමු වී ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට පසුගියදා සහහභාගී වෙමිනි.
එමෙන්ම සමාජය යහපත් කරන්නට සහ විනයගරුක කරන්නට ආණ්ඩුවක් විදිහට ගත හැකි සෑම තීන්දුවක් , තීරණයක්ම ගන්නා බවත් ඒ සදහා දැඩි නීති රීති ගණනාවක් අඵතින් සම්මත කරගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී හෙළි කළේය.
ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය.
මම ඉතාමත්ම සතුටු වෙනවා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය ගැන. ඔබේ පාසල දරුවනේ, දෙමව්පියනේ. මම පාසල් යන කාලේ , ඒ යුගයේ මතකයේ තිබූ මධ්‍ය මහා විද්‍යාල කිහිපයක් තිබුණා. එදා මම පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙක් . අපේ මතකයේ තිබුණු රටේ කීර්තිමත් පාසල් අතර ඒ කියන්නේ හැටේ දශකය, හැත්තෑවේ දශකයේදී , අපේ පාසල් වියේ අපේ සිත්හි තිබූ , පාසැලක් තමයි ඔබේ පාසල, ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය. ඒ නිසා අද වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ඔබ සමග එක්වන්නට ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. මේ කටයුතුවලදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාත්, ශාන්ත බණ්ඩාර නියෝජ්‍ය ඇමැතිතුමත් මාව දැනුවත් කළා වගේම මේ පිළිබදව මූලික කාර්යය සම්බන්ධීකරණය කරමින් දැඩි ඕනෑකමකින් කටයුතු කළේ මගේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ , ඔබේ ආදි ශිෂ්‍ය ධර්ම ශ‍්‍රී ඒකනායක මහත්මයා. ඒ නිසා ඒ සියඵ දෙනාට මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා ඔබේ උතුම් පාසලට පැමිණෙන්නට මට අවස්ථාවක් ලබාදීම ගැන.
මේ එහා පැත්තේ තියෙන බතලගොඩ වැවට මම අවස්ථා කිහිපයකදීම , මීට අවුරුදු පහළොවකට දහසයකට එහා වාරිමාර්ග ඇමැතිවරයා කාලේ ඇවිත් තිබෙනවා. ඒ වැවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සදහා නිරීක්ෂණ චාරිකා විදිහට. ඒ නිසා මේ ප‍්‍රදේශය මට ආගන්තුක, අඵත් ප‍්‍රදේශයක් නෙවෙයි. කොළඹ , පොළොන්නරුව යන විට මේ මහපාරේ සතියකට සැරයක් දෙසැරයක් යන ප‍්‍රදේශයක් විදිහටත්, ඒ වගේම දීර්ඝ කාලීන වශයෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කය සමග තිබෙන සම්බන්ධතාවයන් උඩ මේ දිස්ත‍්‍රික්කය අපේ රටේ ආර්ථික සංවර්ධනයට පුඵල් දායකත්වයත් දෙන දිස්ත‍්‍රික්කයක්. කුරුණෑගල දිස්ත‍්‍රික්කය පසුගිය දශක කිහිපය තුළ මේ රටේ පුඵල් සංවර්ධනයක් ඇති වූ දිස්ත‍්‍රික්කයක්. ගෙවී ගිය දශක තුනක, හතරක කාලය ගත් විට වඩා වේගවත් සංවර්ධනයක් අපි කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් දකිනවා. එක් පැත්තකින් ජාතික ආර්ථිකයට දෙන පුඵල් දායකත්වය, අනෙක් පැත්තෙන් ලංකාවේ ජාතික මට්ටමේ විවිධ ක්ෂේත‍්‍ර හරහා බිහිවන විශිෂ්ටයින්, විද්වතුන් , ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය ඇතුඵ ඒ සියඵ අංශවලින් වඩාත් ගෞරවනීය නාමයක් කුරුණෑගල දිස්ත‍්‍රික්කයට තියෙනවා.
ඔබේ ආදි ශිෂ්‍ය රේගු අධ්‍යක්ෂතුමා කතාකරනකොට නිදහස් අධ්‍යාපනයේ පියා, නිර්මාතෘවරයාණන් වූ කන්නංගර මැතිතුමා පිළිබදව කතා කළා. අද ලංකාවේ පාසලකට ගියොත් ඒවායින් සියයට අනූ නවයකටම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මැතිතුමාගේ නම සමහරවිට ශාලාවක තිබෙනවා. එහෙම නැත්නම් එතුමාගේ ප‍්‍රතිමාවක් තිබෙනවා. එහෙම නැත්නම් එතුමාගේ ඡායාරූපයක් තිබෙනවා. එහෙමත් නැත්නම් එතුමාව සැමවිටම සිහිපත් කරනවා. නිදහස් අධ්‍යාපනය මේ රටට බිහිකිරීමේ නිර්මාතෘවරයා වූ ඒ ශ්‍රේෂ්ඨතම, කීර්තිධර විද්වතා වගේම සැබෑ වූ මානව හිතවාදියා අද ඔබට අපට නොමිලයේ අධ්‍යාපනය පිළිබදව, නිදහස් අධ්‍යාපනය පිළිබදව ගමන් මග සකස්කළ ඒ මහා විශිෂ්ටයා පිළිබදව අපි කවුරුත් කතා කරනවා. දරුවනේ, නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සාකච්ඡාවට අරගෙන සම්මත කරන්න ගත්ත පළමුවැනි අවස්ථාවේදී නිදහස් අධ්‍යාපන පනත ප‍්‍රතික්ෂේප වුණා. ඒකට විරුද්ධ වෙච්ච අය කවුද කියලා මම අද කියන්නේ නෑ. රාජ්‍ය මන්ත‍්‍රණ සභා වාර්තා බැලූවොත් හොයාගන්න පුඵවන් කවුද ඒකට විරුද්ධ වුනේ කියලා හිටන්. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මැතිතුමා බාහිර සහ අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතා රාශියක් තුළ තමයි එදා රාජ්‍ය මන්ත‍්‍රණ සභා කාලේ මේ නිදහස් අධ්‍යාපන පනත සම්මත කෙරුවේ. පළවෙනි සැරේ ප‍්‍රතික්ෂේප වෙලා දෙවැනි වතාවේ සම්මත වුනා. ඒ අපි කවුරුත් ගෞරවයෙන් කතාකරන ඒ සැබෑ වූ මානවවාදී මහා විශිෂ්ටයා නිදහස් අධ්‍යාපන පනත සම්මතකිරීමෙන් පසුව එළැඹි මැතිවරණයට ගියාම ඔහුගේ ඡන්දදායකයින් විසින් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මැතිතුමාව පරාජයට පත්කෙරුවා. එතුමාව ගෙදර ඇරියා. අද එතුමාගේ විටිනාකම කවුරුත් කතාකරනවා. පසුකාලීනව සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මැතිතුමා ඉතා අසීරු පෞද්ගලික ආර්ථිකයකට වැටිලා, ඉතා අමාරුවෙන් තමයි තමන්ගේ අවසන් කාලේ ජීවත්වීමේ සටන එතුමා අරගෙන ගියේ. එවැනි සැබෑ වූ මානව හිතවාදියෙකුට අපේ ජනතාව ප‍්‍රතිඋපකාර කරපු හැටි මම මේ මතක් කරන්නේ.
ඒ කෙසේවෙතත් මේ රටේ නිදහස් අධ්‍යාපනය බිහිකිරීම නිසා අපේ ශ‍්‍රී ලාංකික ජාතිය දරුවනේ කිසියම්ම ජාතියකට දෙවැනි වෙන්නේ නෑ. ලෝකයේ කිසිම රටක උගතුන්ට, බුද්ධිමතුන්ට ශ‍්‍රී ලාංකිකයා දෙවැනි කොට පත්වී නැහැ. පත්වෙන්නෙත් නැහැ. අපේ අභිමානවත් ඉතිහාසය, වසර දහස් ගාණක ගෞරවනීය, සම්භාවනීයත්වයෙන් කතාකරන අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, ඇතුගල්පුර එහෙම නැත්නම් දඹදෙණි , යාපහු යුග මේ සියල්ලත් එක්ක අපිටම අනන්‍ය වූ මහා සංස්කෘතියක් තිබෙනවා. ඒ මහා සංස්කෘතියෙන් අපිට යහපත් වූ හැදියාවක් ලැබිලා තිබෙනවා. ලෝකයේ කිසියම් රටකට ගිය විට ශ‍්‍රී ලාංකික මිනිසුන් සහ ලෝකයේ වෙනත් රටවල්වල මිනිසුන් අතරේ ඒ වෙනස බොහොම පැහැදිලිව දකිනවා දරුවනේ. අපේ ජනතාව තුළ තිබෙන , විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතියෙන් ගොඩනැගුණු සමාජයක් විදිහට අපේ ජනතාව තුළ තිබෙන මිනිසුන්ට ආදරය කිරීම, සෙනෙහෙබර බව, දයාව, මානුෂිකත්වය, පරිත්‍යාගශීලීභාවය ඉතාම විශිෂ්ටයි අපේ ශ‍්‍රී ලාංකිකයින්ගේ. ලෝකයේ කිසිම රටක මේ තරම් මිනිස්සුන්ට ආදරේ කරන, මිනිසුන්ට සෙනෙහෙබර වෙච්ච මිනිස්සු ඉන්නවාද කියන එක ප‍්‍රශ්නයක්. අපි අපේ රට ගැන ආඩම්බර වෙන්න ඕනෑ. අපේ රටේ පරිත්‍යාගය පිළිබදව, විශේෂයෙන්ම වෙසක් පසළොස්වක පෝයට, පොසොන් පසළොස්වක පෝයට, අපේ රටේ ගමක් ගාණේ තියෙන දන්සැල් ,විදේශ සංචාරකයින් මේ රටට ආපුවාම පුදුමවෙලා බලාගෙන ඉන්නවා මේ මොකද වෙන්නේ කියලා හිටන්. මහා ආර්ථිකයක් තියෙන, ලෝකයේ දියුණු රටවල්වල පවා එහෙම පරිත්‍යාග නෑ. එහෙම පින්දීම් නෑ. ඔවුන් මහා වර්ණනා කරනවා තමන්ගේ තාක්ෂණික දියුණුව ගැන. තමන්ගේ භෞතික සම්පත්වල දියුණුව ගැන. නමුත් මිනිස්සු විදිහට ආධ්‍යාත්මික සමාජයක ගුණ යහපත් බව සමග අපේ සමාජය තවමත් ලෝකයේ අන් සමාජයන් සම`ග සංසන්දනය කරන විට දරුවනේ , ඉතා යහපත්ව පවතිනවා. මේ යහපත්ව පවතින සමාජය ඉදිරියට ගෙන යන්න , ශක්තිමත් කරන්න වාණිජ සමාජය සහ තරගකාරීත්වයත් සමග ගලායන ලෝකයේ අපි ජාතියක් විදිහට පසු නොබා ඉදිරියට යන්නට, ඒ තරගකාරීත්වය තුළ අපි ජයග‍්‍රහණය කරන්නට , අපි විශිෂ්ටයින්ගේ විශිෂ්ටයින් වෙන්නට , ප‍්‍රමුඛයින්ගේ ප‍්‍රමුඛයින් වෙන්නට අපි මේ නව ලෝකය අපේ නව පරපුර සදහා විවෘත කළ යුතු වෙනවා. අපි නව රජයක් විදිහට මේ පසුබිම ඉතා පැහැදිලිව තේරුම් අරගෙන තිබෙනවා. ඒ නිසා ජනවාරි අටවැනිදා මම ජයග‍්‍රහණය කළ මැතිවරණයේ මැතිවරණ ප‍්‍රකාශණයේ අපි සදහන් කළා මේ රටට අවශ්‍ය නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ගැන. විශ්ව විද්‍යාලයට ගිහිල්ලා උපාධියක් අරගෙන රස්සාවක් ලැබෙන්නේ නැහැ කියලා රස්සාවක් ලබාගන්න පිකටින් කරන ක‍්‍රමය, පෙළපාලි යන ක‍්‍රමය, උද්ඝෝෂණය කරන ක‍්‍රමය, විරෝධතා කරන ක‍්‍රමය ඔබ අපි කවුරුත් පිළිගන්නවා ඒ පිකටින් කරන, උද්ඝෝෂණ කරන අයගේ වැරැද්ද නෙවෙයි අපේ අධ්‍යාපන ක‍්‍රමයේ තියෙන අඩුපාඩුවක්, වැරැද්දක් කියලා. ඒ නිසා අපි ප‍්‍රධාන වශයෙන්ම පවතින සමාජ , ආර්ථික තත්වයත් ලෝකයේ ගමන් කරන ආකාරයත් මේ සියල්ලත් එක්ක නව ලෝකයට දරුවනේ අපි විවෘත විය යුතු වෙනවා. දෙමව්පියන් දෙන මගපෙන්වීම උපදේශකත්වය දෙමව්පියන්ගේ ප‍්‍රාර්ථනාවත් සමග ඔබේ ගුරු මෑණිවරුන් සහ පියවරුන් ඔබ වෙනුවෙන් ගන්නා වූ උත්සාහය සහ කැපවීම අධිෂ්ඨානශිලී භාවයේ ප‍්‍රතිඵලය ලබාදිය හැක්කේ ඔබටයි රත්තරං දරුවනේ. අපි පාසල් යන කාලේ අපිට මතකයි ආර්ථිකය ගැන කතාකරනකොට පොතපතේ තිබුණා ධනවාදී ආර්ථිකය, සමාජවාදී ආර්ථිකය, මිශ‍්‍ර ආර්ථිකය කියලා. නමුත් ඔබ දන්නවා දරුවනේ ඔබේ පොතේ අද ධනවාදී ආර්ථිකය, සමාජවාදී ආර්ථිකය හෝ මිශ‍්‍ර ආර්ථිකය අද නැහැ. නවෝත්පාදන ආර්ථිකයකට අද ලෝකය විවෘතවෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රට විදිහට ගත් විට ඔබ දන්නවා වාර්ෂිකව අපේ පාසල්වලට දරුවෝ ලක්ෂ තුනහමාරක් විතර ඇතුල් වෙනවා. ඒ ලක්ෂ තුන හමාරෙන් අවසානයේ විශ්ව විද්‍යාලවලට යනවා විසිපන්දාහක් විතර. ඒ තුන්ලක්ෂ පනස් දාහෙන් විශ්ව විද්‍යාලයට යන විසිපන්දහස හැරුණුකොට ඉතිරි තුන් ලක්ෂ විසිපන්දාහෙන් උසස්පෙළ විද්‍යා විෂයන්ගෙන්, තාක්ෂණික විෂයන්ගෙන් සමත්වෙච්ච අය අද එක්පැත්තකින් ගුරුසේවයට ඇතුල් වෙනවා. තවත් පැත්තකින් සෞඛ්‍ය සේවයේ හෙද සේවාවන් වැනි සේවාවන්ට ඇතුල්වෙනවා. තවත් තාක්ෂණික සේවාවන් සදහා ඇතුල් වෙනවා. අද මූලික වශයෙන් දැනුම පදනම්කරගත් ආර්ථිකයක් සදහා අපි ලෝකය ගමන්කරන තරගකාරීත්වයට මුහුණ දෙමින් අපේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියේ වෙනස්කම් කළ යුතු වෙනවා. ප‍්‍රධාන වශයෙන්ම දැනුම සහ නිපුණතා සංවර්ධනය . දැනුම සහ නිපුණතා සංවර්ධනය ගැන කතාකරන විට විශේෂයෙන්ම දැනුම පිළිබද ආර්ථිකයක් සමග නවෝත්පාදන ආර්ථිකයක් නැත්නම් නව උත්පාදන ලෝකයේ තාක්ෂණයත් සමග වෙළද ආර්ථිකය තුළ අප විසින් පුද්ගලයින් නිර්මාණය කිරීමේදී ඉතා වැදගත් වන්නේ අපිට අවශ්‍ය සැබෑ මානව නිර්මාණකරුවන් බිහිකිරීමයි. ඒ නිසා මේ තිබෙන තර`ගකාරී ලෝකය තුළ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය වැනි පාසලක මේ පින්වන්ත වූ, භාග්‍යවන්ත වූ මේ රත්තරන් දරුවන්ට ඒ පින් මහිමය තිබෙනවා, භාග්‍යවන්තතම තිබෙනවා, ඒ ලෝකය ජයග‍්‍රහණය කරන්න. ප‍්‍රමුඛයින්ගේ ප‍්‍රමුඛයින් වෙන්න. විශිෂ්ටයින්ගේ විශිෂ්ටයින් වෙන්න. ඒ යහපත් තරගකාරී සමාජය ජයග‍්‍රහණය කරන්නට. ඒ නිසා අපි සෑම විටම ජාත්‍යන්තර තුළ මිනිසාට තිබෙන්නාවූ ස්ථානය කුමක්ද දැනුම , වෙළදපොළ, ආර්ථිකය, තර`ගකාරීත්වයට ගැලපෙන පරිදි දැන් තිබෙන අධ්‍යාපන ක‍්‍රමයේ අඩුපාඩු සකස්කරගෙන අපේ නව අධ්‍යාපන ප‍්‍රතිංස්කරණ අපි එළිදක්වන්නට බලාපොරොත්තු වෙනවා,
එක් පැත්තකින් අධ්‍යාපනය වගේම අනෙක් පැත්තෙන් සමාජයේ තිබෙන බොහෝ විෂමතාවයන්. ඒ විෂමතාවයන් ගැන කතා කරන විට රුපියල් ශතවලින් වටිනාකම් සියල්ලට දෙන මිනිසුන් ඉන්න සමාජයක දරුවනේ , දෙමව්පියනේ ,අපේ දරුවෝ යහපත් දරුවෝ විදිහට හදාගන්න, හොදට විභාග පාස් කරලා හොද ප‍්‍රතිඵල ගන්න, ඒ විභාග ප‍්‍රතිඵලත් එක්ක මේ තරගකාරී සමාජයේ සැබෑ නිර්මාණකරුවන් බවට පත්වෙන්න, ඔබ අප කාගෙත් තියෙන බලාපාරොත්තු ඉෂ්ට කරගැනීමටට තිබෙන අභියෝග අප විසින් තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. ඒ අභියෝග අතරේ ප‍්‍රධාන වශයෙන්ම මේ වෙළද ආර්ථිකය තුළ සල්ලි හම්බකරන මිනිස්සු , රුපියල් සත හම්බකරන මිනිස්සු , මිනිසුන්ගේ සහ දරුවන්ගේ ජීවිතවල කිසිදු වටිනාකමක් නොදැක ඔවුන් ඔවුන්ගේ ජාවාරම්කාර ව්‍යාපාරවලට ප‍්‍රමුඛත්වය දෙනවා. අද මත්ද්‍රව්‍ය ජාවාරම අපේ රටට බරපතල ව්‍යසනයක් බවට පත්වී තිබෙනවා මම ජනාධිපතිවරයා විදිහටත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා සහ අපේ අමාත්‍ය මණ්ඩලය මත්ද්‍රව්‍ය මර්දනය, පාලනය , වැළැක්වීම සදහා නව පුඵල් ජාතික වැඩපිළිවෙලක් මේ වන විට සැලසුම් කරමින් තිබෙනවා. ඉතාම ඉක්මනින් එය ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙනවා.
ඔබ දකින්නට ඇති දරුවනේ , ඔබ අප කාගෙත් හදවත සසල කරපු මහා ඛේදවාචකයක් පසුගිය දවස්වල උතුරේදී සිද්ධ වුණා. විද්‍යා දැරිය දූෂණය කරලා ඝාතනය කිරීම . ඒ පසුපස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හිටියා. ඒ අශීලාචාරකම ,අශිෂ්ටකම මුඵ මහත් ලාංකික සමාජයටම මහා පිළිකුළක් ගෙන දුන්නා. අපකීර්තියක් ගෙන දුන්නා. උදේ 7.30 ට ගෙදරින් පිටත්වෙච්ච දරුවා විනාඩි පහක් ඇතුළත 7.35 වෙද්දී මිලේච්ඡු තිරිසනුන් අතට පත් වුණා. ඒ දරුවාට නිවසේ ඉදලා කැලයක් මැද පාසලට යන්න තිබුණේ. විනාඩි පහක් ගතවෙනකොට ඒ මිලේච්ඡ තිරිසනුන් මේ අසරණ දරුවා ඔවුන්ගේ බිල්ලක් බවට පත්කරගත්තා. බොහෝ වෙලාවට ඊට පසුබිම් වූ කරුණු සොයාබලන විට මත්ද්‍රව්‍ය ඒ පිටුපස තිබෙනවා. අද නීතියෙන් බලපත‍්‍ර දීලා විකුණන අරක්කුද, විස්කිද, බ‍්‍රැන්ඩිද ඒවා සියල්ල සමාජය විනාශ කරනවා. මත්පෙති , මත්කුඩු ඒ වගේම ඔබ දකින්න ඇති පසුගිය සතියේදී පොලිසිය අත්අඩංගුවට ගත්තා අඵත් මත්බීමක් පාසල් ඉදිරිපිටට ගෙනල්ලා දරුවන්ට අලෙවි කරනවා. දෙමව්පියෝ සහ ගුරු මෑණිවරු පියවරු දරුවන් පිළිබද තබා ඇති මහා ප‍්‍රාර්ථනා, බලාපොරොත්තු, අපේක්ෂා ඒ සියල්ල සුන්කරමින් මේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්නේ නැති, දරුවන්ගේ ජීවිත ගැන හිතන්නේ නැති මේ තිරිසන් සමාජය මේ මිනිස් සමාජය තුළ ක‍්‍රියාත්මක වෙනවා. ඒ නිසා සමාජය යහපත් කරන්න, ශීලාචාර කරන්න ගමේ පන්සලේ හාමුදුරුවෝ උදේ හවා ධර්ම දේශණා කරනවා. ගුවන්විදුලිය , රූපවාහිනිය දැම්මහම උදේ නැගිටිනකොට බණ පිරිත්, රෑට නින්දට යනකොට බණ පිරිත්. ඒ වගේම තමයි පල්ලිය, කෝවිල, දේවස්ථානය , ඉස්ලාමීයද, කතෝලිකද, හින්දුද ඒ සියල්ලෙන් සමාජයට දැක්මක් ,දර්ශණයක් දෙනවා යහපත් මිනිසුන් හදන්නට. නමුත් ඒ සියල්ල පෙරළාගෙන මේ තිරිසන් සමාජයේ සල්ලිවලට, මුදල්වලට ආදරය කරන මිනිස්සු , මිනිස් ජීවිත නොසලකන මිනිස්සු , දරුවන්ගේ ජීවිතවල වටිනාකම් නොතකන මිනිස්සු ඔවුන්ගේ ජාවාරම්කාර ව්‍යාපාර තුළ ඔවුන් බලාපොරොත්තු වෙනවා ඔවුන්ට අවශ්‍ය සමාජයක් ගොඩනගන්නට. අපිට මේවාට කිසිසේත්ම ඉඩදෙන්නට පුඵවන්කමක් නෑ.
සමාජය යහපත් කරන්නට, ශීලාචාර කරන්නට, විනයගරුක කරන්නට ආණ්ඩුවක් විදිහට ගත හැකි සෑම තීන්දුවක් , තීරණයක්ම ගන්නවා. අපි දැඩි නීති රීති අඵතින් පනවනවා. සම්මත කරනවා. මත්ද්‍රව්‍ය පිළිබදව මම පහුගිය දවස්වල අදහසක් ඉදිරිපත් කළා සමාජයේ සංවාදයකට. විශේෂයෙන්ම මත්පෙති, මත්කුඩු, හෙරොයින් වැනි දේවල් මේ රටට ගෙන්නන, අලෙවිකරන, ළග තබාගෙන අහුවෙන සෑම කෙනෙකුටම මරණීය දණ්ඩනය නියමකිරීම පිළිබදව. මරණීය දණ්ඩනය මේ රටේ නීතියක් විදිහට තියෙනවා. මරණීය දණ්ඩනය නියම වෙච්ච අය හිරගෙවල්වල ඉන්නවා. නමුත් මරණීය දණ්ඩනය මේ රටේ ක‍්‍රියාත්මක කරන්නේ නැහැ. බොහෝ වෙලාවට සමාජය තුළ විවිධ විවේචන ආවත් අපේ හාමුදුරුවනේ , බෞද්ධයෙක් විදිහට කණගාටු වුනත් එවැනි දේත් ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට අපි අවධානය යොමුකරලා තියෙනවා. එක් පැත්තකින් අධ්‍යාත්මික සමාජයක් හදන්න මහා සංඝරත්නය ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ඉදලා , පල්ලිය, කෝවිල, දේවාලයෙන් ඒ ඇසෙන යහපත් බවේ , විනයගරුක බවේ , මානුෂියත්වයේ හඩ යටකරන්නට උත්සාහ කරනවා නම් එක්පැත්තකින් නීතිය, අනිත් පැත්තෙන් සමාජය දැන්වත් කරමින් අපි ඒ වැඩ පිළිවෙලවල් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ දන්නවා අපි විභාග ප‍්‍රතිඵල වලින් සතුටු වෙනවා. මේ රටේ හොද දැනුම තියෙන පිරිස් ඉන්නවා. ලෝකය ජයග‍්‍රහණය කරලා තිබෙනවා. ලෝකයේ සංවර්ධනය වූ රටවල්වල ජපානය , ඇමරිකාව, ජර්මනිය, එංගලන්තය ඇතු`ඵ ඒ සෑම රටකම ශ‍්‍රී ලාංකිකයන් මහා උගතුන් , බුද්ධිමතුන් විදිහට විද්‍යාඥයින් විදිහට නොයෙකුත් පර්යේෂණ ආයතනවල කටයුතු කරනවා. නමුත් සමාජය තුළ බොහෝ වේලාවට තිබෙන, අපේ පරිසරයෙන් අපිට එන නොයෙකුත් බලපෑම් තුළ අද අපි අගෞරවයට පත්වෙලා සිටිනවා සිය දිවි නසා ගැනීම්වලින් අපි ලෝකයේ ඉහළ තැනක සිටීම පිළිබදව. සියදිවිනසාගැනීම්වලදී එක් පැත්තකින් තරුණ දරුවෝ , තවත් පැත්තකින් පාසල් යන දරුවෝ මෙයට විශේෂයෙන්ම ලක්වෙන්නේ. ඒ නිසා පාසලේ ගුරු මෑණිවරුන් සහ පියවරුනුත් , ඒ වගේම ආදරණීය දෙමව්පියනුත් මේ සමාජය තුළ මේ පුංචි සිත්වලට, පුංචි හදවත්වලට , මේ රත්තරං දරුවන්ට ඔවුන්ගේ මනසට එන නොයෙකුත් අභියෝග , නොයෙකුත් විකෘතිභාවයන් ඇතිකරන්න උත්සාහ ගන්නා සමාජය , මේ බාහිර සමාජයේ සිදුවන්නා වූ බොහෝ දේ පිළිබදව අවධානයෙන් සිටීම අවශ්‍ය වෙනවා. පුංචි මනසකට, යහපත් මනසකට ඔරොත්තු නොදෙන දේවල් , ඇතැම්විට ආව්ගශීලීත්වය , ඇතැම්විට තමන්ගේ දුක වේදනාව, සමහරවිට තමන් ජීවත්වන පවුල් සංස්ථාවේ තිබෙන ප‍්‍රශ්න , සමාජය තුළ ඇතැම්විට දකින දේවල්, සමහර විට තරුණ වයසට එන සිතුම් පැතුම්, ආකල්පයන් මේවත් එක්ක තමයි බොහෝ වේලාවට සිය දිවිනසාගැනීම් පිළිබදව අපි අයහපත් තත්වයක ඉන්නේ ලෝකයේ අනිත් රටවල් හා සංසන්දනය කරන විට. ඒ නිසා මේ සියඵ තත්වයන් එක්ක අපි යහපත් සමාජයක් හදන්න , දරුවන්ට හොද අධ්‍යාපනයක් දෙන්න, මම මුලින් කිව්වා වගේ විශිෂ්ටයින්ගේ විශිෂ්ටයින් සහ ප‍්‍රමුඛයින්ගේ ප‍්‍රමුඛයින් බිහිකරලා අපේ රට ලෝකයේ තවත් රටකට දෙවැනි නොවෙන භෞතික සම්පත් සංවර්ධනයෙනුත් , ආර්ථික සංවර්ධනයෙනුත් යුක්තවූ ප‍්‍රබුද්ධ වූ රටක් විදිහට ගොඩනැගෙන විට ලෝකයේ යහපත්ම සමාජය, ගුණවත්ම සමාජය, හික්මීමක් ඇති හොදම විනය ගරුක සමාජයක් ඇති රට බවට අපේ රට පත්කරන්න ඔබ අප සියඵදෙනා කැපවිය යුතුයි. ඒක කාටවත් තනියම කරන්න පුඵවන් දෙයක් නෙවෙයි දරුවනේ. ඒක ඔබේ විදුහල්පතිතුමියට, ඔබේ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට, ඔබේ දෙමව්පියන්ට ,ගමේ පන්සලේ හාමුදුරුවන්ට, පමණක් එය තනියම කරන්න පුඵවන් දෙයක් නෙවෙයි. අපි හැම කෙනෙක්ම සාමූහික වගකීමක් විදිහට ඒ සදහා එක්වෙන්නට ඕනෑ. කටයුතු කරන්නට ඕනෑ. ඒ නිසා අද වගේ දවසක ඔබේ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට පැමිණිලා මේ පින්වන්ත පාසලේ කීර්තිමත් ඉතිහාසයත් සමග ඔබ සමග එක්වන්නට ලැබීම මම භාග්‍යයක් කොට සලකනවා. ආපු වේලාවේ මුල්ගල් තියපු ගොඩනැගිල්ලට මුල්ගල් තියලා මේ ශාලාවට ආවාම මම අධ්‍යාපන ඇමැතිතුමාගෙන් ඇහැව්වා , දැන් ඉතිං මුල්ගල් තිබ්බා වගේ නෙවෙයි. මේකට සල්ලි තියෙනවාද කියලා හිටන්. එතුමා කිව්වා සල්ලි වෙන්කරලා තියෙන්නේ පහුගිය දවස්වල. ඒක නිසා කිසිම ප‍්‍රශ්නයක් නැහැ ගොඩනැගිල්ල ගැන කියලා. ඒ නිසා සතුටුවෙනවා පැල නොවෙන මුල්ගලක් තියලා මුල්ගල තියපු දවසේ ඉදලා වැඩ පටන්ගන්නා ගොඩනැගිල්ලකට මුල්ගල් තියන්න ලැබීම ගැන. ඒ වගේම මේ දරුවන් වෙනුවෙන් මට කළ හැකි යම් උදව්වක් , උපකාරයක් තියෙනවා නම් ඔබේ පාසල සම්බන්ධයෙන් මට කළ හැකි ඕනෑම උදව්වක්, උපකාරයක් ඔබ වෙනුවෙන් ඉටුකරන බව ප‍්‍රකාශ කරමින් විදුහල්පතිතුමිය සහ ආචාර්ය මණ්ඩලය ඔබට දෙන නායකත්වය , මග පෙන්වීම මා ඉතාමත්ම අගය කරනවා. ඔබ සියඵ දෙනාට ස්තූතියි. තෙරුවන් සරණයි.