විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවිමට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී තිබේ. මේ වනවිට රට තුළ මත්කුඩු වර්ග පාවිච්චි කිරීම පාලනය කළ නොහැකි ලෙස ඔඩුදුවා ඇති අතර සමාජය තුළ අනාරක්ෂිත තත්ත්වයක් උද්ගතව තිබේ. පසුගිය කාලය තුළ මාධ්‍ය හරහා වාර්තා වූ සිදුවීම් දෙස බැලූ කල අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ලිංගික අතවර මෙන්ම කුඩා දරුවන්ගේ අතට මත්ද්‍රව්‍ය ලැබීම, තරුණියන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහැවීම්,මංකොල්කෑම් වැනි සමාජ අපරාධ රැල්ලක් මතුවී තිබේ. මෙවැනි තත්ත්වයක් පාලනය කිරීමට නම් සමාජයේ ඉහළ සිට පහළ දක්වා මෙම ක්රියාදාමටය සම්බන්ධ පුද්ගලයන් නීතියේ රැහැනට හසුකළ යුතුවේ.