එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී විපක්ෂ නායක ලෙස තමන් ලබාගන්නවාට වඩා එක් වැඩි ඡන්දයක් හෝ මහඇමැති ලෙස අරගෙන පෙන්වන්නැයි වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක සහ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජේ.සී. අලවතුවල මහතා විසින් වයඹ මහඇමැති දයාසිරි ජයසේකර මහතාට අභියෝග කළේය.
විපක්ෂනායකවරයා මෙම අභියෝගය කළේ ඊයේ (02 දා) කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදීය.
දයාසිරි යනු පළාත් සභාවේ සිටි අසාර්ථකම මහ ඇමැතිවරයා බවත් ඔහුගේ පාලන කාලය තුළදී අධ්‍යාපනය, කෘෂිකර්මය, සෞඛ්‍ය ආදී සියඵ ක්ෂේත්‍ර කඩා වැටී ඇති බවත් ඒ මහතා පැවසීය. උදාහරණයක් ලෙස මීට පෙර වයඹ පළාතේ අධ්‍යාපනය දෙවැනි වූයේ බස්නාහිර පළාතට පමණක් නමුත් මේ වන විට වයඹ පළාතේ අධ්‍යාපනය ඊට වඩා පහළට ඇද වැටී ඇති බවද , මේ තත්වයට දයාසිරි ජයසේකර මහතා වගකිවයුතු බවද අලවතුවල මහතා පැවසීය.
එම වීඩියෝව පහතින් බලන්න.