Saturday, January 18, 2025

බීමතින් රිය පදවා අනතුරක් කළ රංගෙ බණ්ඩාර පුතාට දඩ නියම වෙයි !

Must read

යශෝධරිය අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක වරදකරු වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රං‍ගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතාට අත්හිටවූ සිරදඬුවම් හා දඩ නියම කිරීමට හලාවත මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු මංජුල රත්නායක මහතා ඊයේ (18) නියෝග කෙළේය.චෝදනා සියල්ලට වරදකරු වූ සැකකරුට රුපියල් 32,500 දඩයක් හා මාස හයක ලිහිල් සිරදඬුවම වසර හයක කාලයකට අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා නියම කෙළේය.
සැකකරුගේ රියැදුරු බලපත්‍රය මාස හයකට අත්හිටුවිමට මහේස්ත්‍රාත්වරයා නියම කෙළේය‍. මෙයට හේතුවි තිබුනේ 2018 ජුනි මස 8 වැනිදා හෝ ඊට ආසන්න දිනයක හලාවත පුත්තලම මාර්ගයේ බංගදෙණිය කෝට්ටපිටිය හන්දියේ දී බීමතින් රජයේ දේපොළක් වන කැබ් රථයක් පදවා නොසැළකිලිමත්ව හා අපරික්ෂාකාරීව රථ ධාවනය කරමින් අනතුරක් සිදුකළැයි රුපියල් 280,000 ක දේපොළ අලාභයක් සිදු කිරීම ඇතුළු චෝදනා 6 ක් යටතේ නඩුව පවරා තිබිණි.
යශෝධ රංගෙ බණ්ඩාර පසුගිය කාලය පුරාවටම බිමතින් රිය පදවා සිදුකරන්නට යෙදුන අනතුරු පිළිබදව චෝදනා ගණනාවක්ම විය.මෙම ඇතැම් සිදුවිම් වලදි පවුල් ගණනාවක්ම විවිධ පිඩාවන්ට ලක්ව තිබුණ බවද වාර්ථා වේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article