(10.25am) ආරච්චිකට්ටුවට නුදුරු ධීවර ගම්මානයක 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක බරපතල අපයෝජනයට ලක්කළ පදිංචි 20 හැවිරිදි
පුද්ගලයෙකු (11) වනදා අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා එම ප්‍රෙද්ශයේම පුද්ගලයෙකු බව ආරච්චිකට්ටුව පොලීසිය පොලිස් ආරංචි මාර්ග පවසයි.
අතවරයට ලක්වී ඇති දැරිය මව සමඟ නින්දට ගොස් සිටියදී මෙම තරුණයා විසින් ඇයව ඇහැරවා නිවසින් බැහැරට රැගෙන ගොස් මෙම අතවරය සිදුකර ඇත. ර මව නින්දෙන් අවදිවී බලන විට සිය දියණිය තමා අසල නොසිටීම හේතුවෙන් බියට පත්ව කෑගසා දියණිය සොයා ඇති අතර පසුව පැමිණ දියණිය සියළු තතු මවට හෙළිකර ඇතැයි පොලීසිය කියයි.
වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත රෝහල වෙත ඉදිරිපත්කර
ඇත. සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.