Saturday, January 18, 2025

බස් රථ වලදී මාල කොල්ලකෑ කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට

Must read

unnamed
බස් රථ වල ගමන් කරන අතර තුර රන් මාළ කොල්ලකෑමේ නිරත වූ බව කියන කාන්තාවන් තිදෙනෙකුව හලාවත කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට නෙ ඇත.
පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම – වෙප්පමඩුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් තිදෙනෙකුවය.ඔවුන් වයස අවුරුදු 28,30 සහ 33 වියේ පසුවන අයවළුන් බව පොලීසය කියයි.
පසුගිය 01 වැනිදා සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සිගමන් යදින සහ ශාස්ත්‍ර කියන බව අගවමින් කොල්ලකෑම් සහ සොරකම් කරන කාන්තාවන් පිරිසක් සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස බුද්ධි අංශයට තොරතුරක් ලැබී තිබී ඇත.ඒ අනුව මෙම කාන්තාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඔවුන් පිළිබදව විමසිළිමත් වීමට කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කටයුතු කර ඇත.
පසුගිය 01 වැනිදා මෙම කාන්තාවන් තිදෙනා හලාවත සිට වාරියපොල දක්වා ධාවනය වන ලංගම බස් රථයකට හලාවත නගරයෙන් ගොඩවී ඇත.බුද්ධි අංශ නිලධාරීන්ගේ ඔත්තුකරුවෙකුද ඔවුන් සමගින්ම එම බස් රථයට ගොඩවී ඇත.
බස් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවක් පැළද සිටි රන් දම්වැලක් ඇයට නොදැනෙන ලෙස සොරකම් කිරීමට සැකකාර කාන්තාවක් සමත්වී ඇත.එම කාන්තාවන් සම්බන්ධයෙන් අවධානයෙන් සිට ඇති බුද්ධි තොරතුරුකරු වහාම සිද්ධිය හලාවත කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට දැණුම් දීමට කටයුතු කර ඇත.ඒ අනුව ක්‍රියාත්මක වූ බුද්ධි අංශ නිලධාරීන් සැකකාර කාන්තාවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර,එක් කාන්තාවක් සතුව තිබී සොරකම් කරන ලද රන් දම්වැලද සොයා ගෙන ඇත.
සිද්ධිය මුහුණ දී ඇත්තේ හලාවත – මුගුණුවටවන පදිංචි 66 හැවිරිදි කාන්තාවකි.
සැකකාර කාන්තාවන් මේ ආකාරයට තවත් කොල්ලකෑම් වල නිරත වී ඇද්දැයි සොයා බලන බව විමර්ශණ කටයුතු කරන නිලධාරීන් සදහන් කරයි.
සැකකාර කාන්තාවන් තිදෙනා සහ ඔවුන් විසින් කොල්ලකන ලද රන් දමැවැල වැඩිදුර විමර්ශණ කටයුතු සදහා හලාවත පොලීසියට බාර දීමට කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කටයුතු කර ඇත.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article