කොළඹ සිට ශ්රී පුර සහ පුත්තලම දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථ දෙකක ඇතිවූ ගැටුමකින් සුළු තුවාල ලබා ඇති තිදෙනෙකු ප්රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි.
03 වැනිදා රාත්රී 8.30 ට පමණ හලාවත – දැදුරුඔය ප්රදේශයේදී මෙම ගැටුම සිදුවී ඇත.
රෝහල් ගත කර ඇත්තේ ශ්රී පුර බස් රථයේ හිමිකරු,එම බස් රථයේ ගමන් කරමින් සිටි මගියෙකු සහ පුත්තලම බස් රථයේ රියදුරු බව පොලීසිය කියයි.
කොළඹින් ගමන් ආරම්භ කර ඇති මෙම බස් රථ දෙක එකි නෙකා පරයා ධාවනය කර ඇති බව පොලීසිය විසින් සිදු කර ඇති විමර්ශණ වලදී හෙලිවී ඇත.එසේ ධාවනය කරමින් සිටින අතර තුර අතර මගදී ගැටුම සිදුවී ඇත.පසුව බස් රථ දෙකෙහිම සිටි අය ආරච්චිකට්ටුව පොලීසිය වෙත ගොස් පැමිණිළි කිරීමට උත්සාහ කර ඇත.එම අවස්ථාවේදී ආරච්චිකට්ටුව පොලීසිය විසින් පැමිණිල්ල හලාවත පොලීසිය වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත.