කුරුණෑගල – මහනුවර ප්රධාන මාර්ගයේ තෙලියගොන්න ප්රදේශයේදී වාහනයක් පසුකරයාමට උත්සාහ කළ පුද්ගලික බස් රථයක් ඉදිරියෙන් පැමිණි ත්රිරෝද රථයක, යතුරු පැදියක සහ මෝටර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් ත්රිරෝද රථයෙහි ගමන්කරමින් සිටි කාන්තාවක් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අද උදෑසන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළහ.
මෙම අනතුරින් මියගියේ මහව, රන්දෙණිගම ප්රදේශයේ පදිංචි සිත්ති ෆරීනා නැමැති 43 හැවිරිදි දෙදරු මවක් සහ අයිනාබිබී නැමැති 48 හැවිරිදි සිව්දරු මවකි.
මිය ගිය කාන්තාවන් දෙදෙනා එකකුස උපන් සොහොයුරින් වන අතර අනතුර සිදුවන අවස්ථාව වන විට ත්රිරෝද රථය පදවමින් සිටි අයිනාබිබී නැමැති කාන්තාවගේ පුත්රයෙකු බව කියන 21 හැවිරිදි තරුණයෙකුද මෙම අනතුරින් බරපතල තුවාල ලැබීම නිසා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එහි දැඩි සත්කාර ඒකකයට මාරු කර යවනු ලැබීය. ඊට අමතරව බස් රථයේ ගැටුණු යතුරුපැදියක් පැදවූ කාන්තාවක්ද කකුලකට සිදු වූ බරපතල තුවාල සහිතව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවාය.
ත්රීවිල් රථයෙහි ගමන් කළ පිරිස එකම පවුලේ ඥාතීන් වන අතර මිය ගිය කාන්තාවට විදේශතවීම සදහා අව්ය්ය ලියකියැවිලි සකස්කරගැනීම සදහා මෙම පිරිස මහනුවර පිහිටි ආගමන විගමන කාර්යාලයට යමින් සිටියදී මෙම අනතුරට ලක් වී ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදු කළ බස් රථය කුරුණෑගල සහ උයන්දන අතර ධාවනය කෙරෙන නගර සේවා බස් රථයකි. අද උදෑසන උයන්දන සිට කුරුණෑගල දෙසට ධාවනය වී ඇති මෙම බස් රථය තෙලියගොන්න ප්රදේශයේදී වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි ත්රිරෝද රථයෙහි පළමුව ගැටුණු බවත්, අනතුරුව එදෙසින්ම පැමිණි යතුරු පැදියේ සහ මාර්ගය අයිනේ නවතා තිබූ මෝටර් රථයකද ගැටී නතර වූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කීහ.
අනතුර සම්බන්ධයෙන් පුද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර පිළිබදව කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
අනතුර සිදු වූ ස්ථානය
අනතුරට පත් මෝටර් රථය
අනතුර සිදු කළ බස් රථය.
අනතුරට පත් ත්රිරෝද රථය
අනතුරට පත් ත්රිරෝද රථයේ ඇතුළත
අනතුරට පත් යතුරුපැදිය