සුපුරුදු දේශපාලන පොර පිටියෙන් මොහොතකට මිදී ක්‍රීඩා පිටියකට බැස සිටි දේශපාලනඥයෙකුගේ දසුනක් අද දැක ගතහැකි විය.
අද දිනයේදී මෙලෙස ක්‍රිකට් පිටිකට බැස සිටියේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාය.
නාරම්මල මයුරපාද විද්‍යාලයේ ආදිශිෂ්‍ය කණ්ඩායමට 60 වසරක් සැපිරීම නිමිත්තෙන් අද එම විද්‍යාලයේදී සංවිධානය කර තිබූ ක්‍රිකට් තරගාවලියක් නිල වශයෙන් ආරම්භ කරමින් පන්දුවට පහරදෙනු ලැබුවේ මයුරපාද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුද වන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා විසිනි.
මයුරපාද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සහ 98 කණ්ඩායම එක්ව මෙම ක්‍රිකට් තරගාවලියකදීය සංවිධානය කර තිබිණි.