Friday, November 22, 2024

බයික් නොලැබුණු නිලධාරිනියෝ බයික් බෙදූ උත්සවයටත් ලෙඩ දමති.

Must read

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරිනියන් වෙනුවෙන් සහන මිල යතුරුපැදි බෙදාදීම වෙනු‍වෙන් කුරුණෑගල උඩවල්පොළ ක්‍රීඩාංගණයේදී අද දහවල් උත්සවයක් පැවැත්වෙමින් තිබියදී තමන්ට යතුරුපැදි නොලැබීමෙන් අසාධාරණයක් වූ බව පවසමින් තවත් නිලධාරිනියන් පිරිසක් එම ක්‍රීඩාංගණය ඉදිරිපිටදී විරෝධතාවයක යෙදීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇති විය.

තමන් යතුරුපැදි සදහා මුදල් ගෙවා වසරකට වැඩි කාලයක් ගත වී ඇති නමුත්, තමන්ට තවමත් යතුරුපැදි ලැබී නැති බවට චෝදනා කරමින් උඩවල්පොළ ක්‍රීඩාංගණයේදී ප්‍රධාන දොරටුව අසලට රැස් වී සිටි පනහකට වැඩි නිලධාරිනියන් පිරිසක් විරෝධතා පුවරුද ප්‍රදර්ශණය කරමින් මෙලෙස විරෝධතාවයේ යෙදුණහ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගි වී සිටි වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක ඇතුලු මැති ඇමැතිවරුන් අතින් නිලධාරිනියන් වෙත යතුරුපැදි බෙදා දුන් අවස්ථාවේදී එතැනට කඩාවැදුණු විරෝධතාවයේ යෙදුණු නිලධාරිනියන් විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් කෑ කෝ ගසමින් , හූ කියමින් විරෝධය පළ කළහ.

යළිත් වතාවක් උඩවල්පොළ ක්‍රීඩාංගණයේදී ප්‍රධාන දොරටුව අසලට ගිය මෙම නිලධාරිනියන් පිරිස විසින් යතුරුපැදි රැගෙන නිවෙස් බලා යන්නට ගිය නිලධාරිනියන්ට ක්‍රීඩාංගණයෙන් පිටතට යා නොහැකිවන ලෙසට‍ ප්‍රධාන දොරටුව අවහිර කිරීම නිසා පොලිසියටද ඊට මැදිහත්වන්නට සිදු විය.

කෙසේවෙතත් මෙම නිලධාරිනියන්ගේ විරෝධතාවය මධ්‍යයේම යතුරුපැදි බෙදාදීමේ උත්සවය අවසන් වූ අතර ඉන් අනතුරුව යළිත් වතාවක් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස් වූ මෙම පිරිස ඒ ඉදිරිපිටදීත් විරෝධය දැක්වීමෙන් අනතුරුව විසිරී ගියහ.

ඡායාරූප – නිරෝෂන් ජයතිස්ස


bike_protest3
bike_protest1 bike_protest4 bike_protest6 bike_protest2 bike_protest9 bike_protest5bike_protest7

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article