Friday, November 22, 2024

බන්ධනාගාරයේ සිටින පුද්ගලයන් 512 කට හෙට නිදහස

Must read

සිරකරුවෝජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 512කට ආසන්න පිරිසක් හෙට(04) 52වැනි නිදහස් සැමරුම් දිනය දා නිදහස ලැබීමට නියමිත බව වාර්තා වේ.

සෑම වසරකම නිදහස් දිනයට සමාන්තරව සිරකරුවන් පිරිසක් නිදහස් කරන අතර බන්ධනාගාර දොපර්තමේන්තුව මගින් පසුගියදා නිර්දේශිත සිරකරු නාමලේඛනය ජනාධිපති පොදු සමාව ලැබීම සදහා අධිකරණ අමාත්‍යංශය වෙත යොමු කර තිබූ අතර එය සලකා බලා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් මෙම සමාව ලබා දී ඇත.

පසුගිය ජනවාරි 31 දක්වා, සුළු වැරදි සම්බන්ධයෙන් දැනට මුදල් ගෙවා ගත නොහැකිව බන්ධනාගාර ගත වූවන්, සිරදඩුවම වසර 10කට වඩා යහපත් කල් ක්‍රියාවෙන් බන්ධනාගාර තුළ ගත කළ රැදවියන්ගෙන් සිය දඩුවම් කාලය වසරකට දින 07බැගින් අඩු කර දඩුවම් කාලය ලිහිල් වූ සිරකරුවන්, අඉුරුදු 70ට වැඩි සිරදඩුවම් කාලය ලිහිල් වූ සිරකරුවන්ට මෙසේ නිදහස හිමිවේ.

මිනී මරුම්, ස්ත්‍රී – ළමා දූෂණ, මංකොල්ල‍, සංවිධානාත්මක අපරාද ඇතුළු වැරදි 33ක් සදහා සිරදඩුවම් විදින අයට මෙම නිදහස හිමි නොවේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article